ස්ථාවර රැහැන් රහිතව 5G බ්‍රෝඩ්බෑන්ඩි පහසුකම අත්විදීමට ශ්‍රී ලාංකිකයන්ටත් දැන් අවස්ථාව උදාවී අති බව තම ඩිජිටල් සනනිවේදන ගමන් මගේ නවතම සංධිස්ථාහයකට පැමිණෙමින්, මෙම පහසුකම් හැදුන්වා දෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පවසයි.

ගෘහස්ථ පාරිභෝගිකයාගේ සිට රාජ්‍ය ආයතන, බහුජාතික සමාගම් ඇතුළුව සෑම තරාතිරමකම ආයතන හා නිවාස වෙත නවීන සන්නිවේදන පහසුකම් ලබාදෙමින්, මිලියන 1.6කට වැඩි පාරිභෝගික ප්‍රජාවකට සේවා සපයමින්, වසර 160ට වැඩි කාලයක් ජාතියේ සන්නිවේදකයා වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නවීන හා උසස් තාක්ෂණික විධික්‍රම භාවිත කරමින් සෑම තැනකටම අතිශය වේගවත් ජාලයන් හිමිවිය යුතු බව විශ්වාස කරමින් මෙම නවතම හඳුන්වාදීම සිදුකිරීම සඳහා මේ වනවිට සියලු අත්හදා බැලීම් සිදුකොට අවසන් බවද කියයි.

අද වනවිට වේගවත් හා අඛණ්ඩ වීඩියෝ
සේවා ලබා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයින් පවා උනන්දු වන අතර, ඔවුන්ගේ දුරකථන, ලැප්ටොප්, ටැබ්ලට් සහ වෙනත් ස්මාර්ට් උපාංග සඳහා අන්තර්ජාල පහසුකම අත්‍යාවශ්‍ය වී තිබේ.

එම ඉල්ලීම ඉතා විශිෂ්ට ලෙස සපුරාලීමට 5G සේවත් සමග අවස්ථාව උදාවන අතර, රැහැන් රහිත අධීවේගී 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව නිවාස වලට මෙන්ම,ව්‍යාපාරපාරවලටද ඉතාමත් ආකර්ෂණීය සේවාවක් වනු ඇති බව ශ්‍රී ලංකා ටෙලිකොම් පෙන්වා දෙයි.

අදාබැලීමේදී 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව 1.7Gbps වේගයක් වාර්තා කර ඇති අතර, ඒ අනුව අත්හදා බැලීම් අතිසාර්ථකව අවසන් කොට ඇති බව ඔවුන් කියයි. මේ වනවිට තම ව්‍යාපාර නවීන ලෝකයට හා පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස පවත්වාගෙන යාම සදහා අධිවේගී අන්තර්ජාල සේවා අත්‍යවශ්‍ය වන බැවින්, මෙම නව 5G සේවාව ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යපාරීකයන්ට මෙන්ම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර නංවාලීමට මහගු අවස්ථාවක් වනු ඇති බව ශ්‍රී ලංකා ටෙලිකොම් විශ්වාස කරයි.

බැංකු කටයුතු, මුදල් අයකර ගැනීම් සහ ගෙවීම් වැනි මූල්‍ය කටයුතු සඳහා කාලය හා ශ්‍රමය වැය නොකොට, තම ගනුදෙනු වේගවත් අධිවේගී අන්තර්ජාල සේවාව මගින් පහසු කරගැනීමටද ඔවුනට මෙමගින් අවස්ථාව හිමිවින බවත්, මේ කටයුතු සපුරාගැනීම සඳහා ඇති හොඳම් විසඳුම නවතම SLT5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් වැඩිදුරටත් පවසයි,

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධීක්ෂණය මත කරන ලද
අත්හදා බැලීම්වලදී 3.5Ghz සංඛ්‍යාත පරාසය තුළ ස්ථාවර 5G සේවාවන් ඉතාමත් විශිෂ්ට අයුරින් ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තහවුරු කරගෙන ඇත.

මේ අනුව දිනෙන් දින අත්‍යවශ්‍ය සේවාචක් බවට තීව්‍ර වෙමින් පවතින ඩිජිටල් තාක්ෂණික පහසුකම ශ්‍රී ලංකාවට උසස් මට්ටමින් ලබාදීම 5G තාක්ෂණය ගැන්වීමේ අපේක්ෂාව වී ඇත.

සිදුකරන ලද සාර්ථක අත්හදා බැලීම හමුවී ඉතා වේගත්, උසස් හා පුළුල් ඩිජිටල් සේවාවක් තම පාර්ලභෝගික ජනතාව වෙත ලබාදීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් බලාපොරොත්තුව බව ඔවුහු පවසති.

දැනට පවතින බ්‍රෝඩ්බෑන්ඩ් සබදතා ඔස්සේ එකවර උපාංග කිහිපයකට සම්බන්ධතාව ලබාදීමේදී ඇතිවන අර්ජාලයේ වේගය අඩුවීම් දෝෂයට නච SLT 5G සේවාව නිසි පිළියමක් වනු ඇති අතර, රැහැන් රහිත සබඳතාවක් ලෙස අතිනවීනතම තාක්ෂණයන් ඔබ වෙත ලබාදෙන මෙම 5G සේවාව විශ්වසනීයත්වය සහ ඉහළ උපයෝගීතාවක් ලබාදෙන නවීන ලෝකයේ සම පාරිභෝගිකයකුගේම ගෞතරවනීය ප්‍රශසාව හිමිවූවක් බවද ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා  සන්නිවේදන ප්‍රමුඛයා වන ශ්‍රී ලංකවේ ටෙලිකොම් සමාගම (SLT) විසින්  සපයනු ලබන මෙම 5G සේවාව මගින් වේගය අඩුවකින් තොරව හෝ ප්‍රමාදයන් නොවී ඔබ කැමති තරම් ඩවුන්ලලෝඩ් කරගැනීමේ සහ නැරඹියළි පහසුකමද හිමිවන බව ඔවුහු පවසති.

එමෙන්ම ඔබ කැමති විටෙක ඔබ කැමති තැනකට කිසිදු අපහසුතාවකින් තොරව රැගෙන යාමට හැකි රැහැන් රහිත අධිවේගී මෙම සබඳතාව නුදුරේදීම ඔබ වෙත ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අපේක්ෂාව බව ඔවුහු වැඩිදුරටත් පවසති.

ෂමිල පෙරේරා