https://www.gossiplankanews.com/2020/01/500rs-degaldoruwa-story.html
ස්වීඩන් රටේ පවුලක්  මෙරට උපන් දියණියකව නීත්‍යානුකුලව දරුකමට හදා ගැනීම සඳහා ලබාගෙන ගොස්
නැවත ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා වසර හතළිස් පහකට පසුව පැමිණි අවස්ථාවේ මෙම දියණිය තම මව
සොයා ගැනීමේ පුවතක් මහනුවර ගුන්නෑපාන, දෙගල්දොරුව ග්‍රාමයෙන් වාර්තා වේ.

ඩබී.ජී. විමලී යන නමින් හැදින්වූ මෙම දියණිය වයස අවුරුදු එකහමාරක් වනවෙයසේදී එනම් 1975 වසරේදී ස්ව්ඩන් රටට රැගෙන ගිය අතර පසුව ඇයට “ඇනා මාගරීටා රෝලන්" යන නම තැබිණි.
පසුව එරට සිය අධ්‍යාපනය ලැබ තම රැකියාව වශයෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැළිණි.
වසර 45කට පසුව තම මවුරට ප්‍රථම වරට සංචාරයක් සඳහා පැමිණි ඇනා මාගරීටා රෝලන් මහත්මියට තම මවුපියන් සොයා ගැනීමේ එකම අරමුණ විය.ෙ
තමාගේ උප්පැත්න සහතිකය

අනුව මහනුවර සංචාරයකට පැමිණි ඇය සංචාරක හෝටලයකට පැමිණියේ තම මවුපියන් සොයා ගැනීමේ විස්තර සොයා ගැනීමටය.
තම අදහස සම්බන්ධව මෙම හෝටලයේ කළමනාකරු විජිත ෆොන්සේකා මහතාට දන්වා සිටියේ දැඩි බලාපොරොත්තුවක් මතය.
පසුව විජිත ෆොන්සේකා මහතා තමා හඳුනන කුණ්ඩසාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන දීප්ති සූරියදාස මහතාට දැන්වීමෙන් අනතුරුව දෙගල්දොරුව ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි රංජනී පෙරේරා මිය සම්බන්ධ කර ගත්තාය.
පසුව ඇනා මාගරිටා රෝලන් මහත්මියගේ උප්පැන්න සහතිකය අනුව මවුපියන් සොයා ගිය මෙම පිරිසට ගුන්නෑපානේ දෙගල්දොරුවේ අංක 35 දරන නිවෙසේ පදිංචිව සිටි වයස අවුරුදු 85ක් වන මව සොයා ගැනීමට හැකි විය.
මේ වනවිට සොයාගත් ඩබ්.පී. විමලී හෙවත් ඇනා මාගරිටා රෝලන් මහත්මියගේ සැබෑ මව හඳුන්වා දීමට කටයුතු කළ අතර පසුගිය සතියේ නවාතැන් ගෙන සිටි හෝටලයේ සිට පැමිණි ඇනා මහත්මියට තම මව හදුන්වා දීමෙන් පසුව ඇති වූයේ ඉමහත් සතුටක් මෙන්ම සැබෑ ආදරයකි.
තම මව සොයාගත් නමුත් දැනට වසර 40කට පමණ පෙර සිටම පියා අශභාග රෝගයෙන් සිටි අතර හෙතෙම මිය ගොස් තිබිණි.
මවගේ හමුවීමෙන් පසුව විමලී හෙවත් ඇන මාගරිටා රෝලනී මහත්මිය අප සමඟ මෙසේ කීවාය.
"මම බොහෝම ආසාවෙන් සිටියේ මා උපන් ශ්‍රීලංකාවේ සංචාරයකට ආවේ මගේ මව සොයා ගැනීමට. මගේ ඒ සිහිනය සැබෑ වුණා
හරිම සතුටින් සිටියේ මව බලන්න නැවත

මව මුණගැහෙයි කියා සිතුවේ නැහැ. හිතාගන්න බැරි සතුටක් අද මට. මට පුළුවන් අයුරින් මම අම්මාට උදවු කරනවා."
තම බාල දියණිය වසර හතළිස් පහකට පසුව හමුවීමෙන් අනතුරුව ඩබ්.පී. ලීලාවතී මහත්මිය තම සතුට මෙසේ පළ කළාය.
"මට නම් හිතාගන්නවත් බැහැ මගේ බාලම දියණිය දකින්න ලැබෙයි. කියා. පුදුම සතුටක් ලැබුණේ. 1975දී තමයි දුව සුදු නෝනා කෙනකුටයි මහත්තයෙකුටයි ඇයව දරුකමට හදාගන්න දුන්නේ. මට දුවලා පුතාල නව දෙනෙක් සිටිනවා. ඒ කාලයේ මගේ සැමියා අංශභාග රෝගය වැලදී සිටියේ, ආර්ථික අමාරුකම් නිසා රුපියල් පන්සියයකට තමයි දුව දුන්නේ.
අද ජීවත්ව සිටින මගේ බාල දියණිය ගැන මට හරීම සතුටුයි. හීනෙකින්වත් හිතුවේ නැහැ මට විමලි දුව ආපසු දකින්න ලැබෙයි කියලා"යි දෙනෙතින් වැගිරෙන කඳුළු පිසදමමින් ඒ අහිංසක වයෝවෘද්ධ මාතාව කීවාය.

ඩබ්.පී. විමලී හෙවත් ඇනා මාගරීටා රෝලන් මහත්මිය තමාගේ සැමියා වන සිවිඩන් ජාතික සිවිල් ඉන්ජිනේරු ක්‍රාෆ්ට් මහතා සමඟයි තම මව සොයා පැමිණ සිටියේ.
(මල්වල - ඩබ්ලිව්. අළුගොල්ල)