කොස්ගොඩ, ඉඳුරුව, හබක්කල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ(20) සවස මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

ත්‍රිරෝද රථයක් සහ ලොරි
රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තාකරු පවසයි.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ ඊයේ දිනයේ පැවති ලොව වැඩිම නිවුන් ප්‍රජාවක් සහභාගී කරවාගනිමින් ගිනස් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිවුන් සංගමය සංවිධාන කළ නිවුන් උළෙල සභාගී වී පැමිණෙමින් සිටින පිරිසකි.

අදාළ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයික් අතර නිවුන් දරුවන් 04ක් සහ එම නිවුන් දරුවන්ගේ මව, තරුණියක්, සහ ත්‍රීරෝද රථයේ රියදුරද සිටින බව වාර්තා වෙයි.

මෙම අනතුර සිදු කළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශව සිදු කරයි.