බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21)පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වී තිබෙන බව වාර්තා විය. හඩපට සිද්ධියෙන් පසු මුල්වරට අද ඔහු පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
වෙනදාට වඩා වෙනස් ලෙස ඔහු මුඩු හිසින්
පාර්ලිමේන්තුවටද පැමිණ

සිටියේය.
අද දවල් ඔහු පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතයි.
තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අචස්ථාව දෙන්නැයි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර මේ අනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා  බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු‌ගේ වරප්‍රසාද යටතේ බන්ධනාගාර ආරක්ෂාව යටතේ ඔහුට සැසිවාර සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි වෙයි. අද සිට ලබන 24 වැනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන සියලුම රැස්වීම්වලට ඔහු සහභාගි විමට නියමිතය.