ඊයේ (20) අම්බලන්ගොඩ මීටියාගොඩ මාර්ගයේ ගලගොඩ උපකාරක පන්තියක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිසුන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.


තුවාල ලැබූ සිසුන් බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇත.. උපකාරක පංතියේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා.  පස්වරු 3 .30 ට පමණ අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ පන්තියක් පැවැත්වෙමින් තිබී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ සිසුන් 15 දෙනෙකු පමණ පංතියේ රැදී සිටි බවයි වාර්තා වෙයි.

වහලයෙන් ශබ්දයක් ඇසුණු බවත් පසුව වහලය සමඟ ගොඩනැගිල්ල කඩා වැටුණු බවත් ගොඩනැගිල්ලේ හිමිකරු කියා සිටියා.
පසුව ප්‍රදේශවාසීන් එක්ව සුන්බුන් අතර සිටි දරුවන් බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.