උසස් අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කළ යෝජනාව පරිදි ඉදිරියේදී 2021 සිට උසස් පෙළ සමත්වන සිසුන් විශ්ව විද්‍යාල සඳහා තෝරාගන්නට දිස්ත්‍රික්ක පදනම වෙනුවට පාසල් පාදක පදනම
යොදාගන්නට අදහස් කර තිබේ.
එම

පාසල් පාදක ක්‍රමයට අනුව ‘ඉසෙඩ් ලකුණු සැකසීමට අදාළව කාණ්ඩ තුනක් යටතේ පාසල් වර්ග කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කර ඇත.
පළමු දෙවැනි හා තෙවැනි වශයෙන් කාණ්ඩ තුනකට පාසල් වර්ග කර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට නියමිතය.
ඒ සඳහා පාසල් තෝරා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරේ. පහසුකම් සහිත පාසල්, පහසුකම් අඩු හා පහසුකම් නොමැති පාසල් වශයෙන් මෙම වර්ග කිරීම කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.