2021 වසරේ සිදු කිරීමට නියමිත ජනසංගණනය සඳහා පූර්ව පරීක්ෂාවන් මේ වන විට
ආරම්භ කර ඇති බව
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් නියැදි තුළින් එම පූර්ව පරීක්ෂාවන් සිදු කෙරෙන බවයි. ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සහ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වන ජනගහන තොරතුරු ලබාගැනීම සඳහා සෑම වසර 10කට වරක්ම මෙලෙස ජන හා නිවාස සංගණනයක් පවත්වනු ලැබේ.
මෙම සංගණනය විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු සුදුසුකම් සහිත අය යොදවා දිවයින පුරා නිවාස ඒකක මට්ටමින් කරුණු සොයා පවත්වනු ලැබේ. අවසන්වරට 2011 දී මේ ආකර ජනසංගණනයක් පවත්වා ඇත.