රන්ජන් රාමනායක මහතාගේ හඩපට සිද්ධිය නිසා රජයේ නිලධාරින්, මන්ත්‍රීවරුන් සමග දුරකතනයෙන් කතා කිරීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇතිවී තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රී තුෂාර අනිල් අමරසේන මහතා පැවැසීය. තමා කිසියම්
රාජකාරි කටයුත්තක් සඳහා
රජයේ ආයතනයක නිලධාරියකුට ඊයේ දුරකතනයෙන් කතා කළ අවස්ථාවේ දී "මන්ත්‍රීතුමා අපි ඕක ටෙලිෆොන් එකෙන් කතා නොකර හම්බවෙලා කතා කරමු” දැයි විමසා දුරකතනය විසන්ධි කළ බව කී අමරසේන මහතා හඩපට සිද්ධියේ ප්‍රතිඵලය ඉතා බරපතළ එකක් යැයි ද ප්‍රකාශ කළේය.

ඒ සිද්ධියෙන් මන්ත්‍රීවරුන්ගේ විශ්වාසනීයභාවය දැඩි සැකයට භාජනය වී ඇතැයි ද ඔහු කීවේය.
මේ අතර රන්ජන් රාමනායක මහතාගේ හඩපට පිළිබඳ සිද්ධියෙන් පසුව නමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව පවසමින් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් කතානායකවරයාට පැමිණිලි කිරිමට ද සූදානම් වෙති. හඩපට සිද්ධියට සම්බන්ධයෙන් විවාදයක් පවත්වන්නැයි මන්ත්‍රීවරු පිරිසක් ඉකුත්දා මැතිසබයේ දී ඉල්ලිමක් කළහ.

-සුජිත් හේවාජුලිගේ-