2019 වසරේ තලවකැලේ පොලිසියේ රථ වාහන අංශය මගින් රථ වාහන නඩු සහ බිමත් රියදුරන්
අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමෙන් රු ලක්ෂ 57 ක දඩ මුදල්

අයකර ඇති බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු පැවසිය.

තලවකැලේ , ලිදුල , වටගොඩ
යන ප්රදේශ තලවකැලේ පොලිස් බල ප්රදේශයට අයත් වන බවත්, එම
පොලිස් බල ප්රදේශයේ රථ වාහන නඩු සහ බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිම සදහා සිදු කල මෙහෙයුම්
නිසා මෙපමණ දඩ මුදලක් අයකර ගැනිමට හැකි වු බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

තලවකැලේ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරින් විසින් බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිම සහ
රථ වාහන වැරදි සිදු කරන රියදුරන් නිතියේ රැහනට කොටු කර ගැනිම සදහා ඉකුත් වසරේ මෙන්ම මේ
වසරේද මෙහෙයුම් දියත් කරන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

-නොර්වුඩ්  නිටා පත්ම කුමාරි