https://www.gossiplankanews.com/2020/01/20-20-malinga-cut-down.html#more
මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නව විස්සයි විස්ස නායකයෙකු පත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
ලසිත් මාලිංග දක්ෂ ක්‍රිඩකයෙකු වුවත් ඔහුගේ නායකත්වය යටතේ
ශ්‍රී ලංකා කන්ඩායම දිගින් දිගටම

පසුබෑමකට ලක්ව තිබිම හේතුවෙන් වෙනත් නායකයෙකු පත් කිරිමට සිදුවනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ. ඔහු අවසන් වරට මෙහෙයවා ඇති විස්සයි විස්ස තරග 13න් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන ඇත්තේ පසුගිය වසරේ නවසීලන්තය සමග පැවති තරගය පමණයි. අනෙකුත් තරග 11ම පරාජයට පත්ව තිබෙනවා. 2019 වසරේදී ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ජයග්‍රාහි ප්‍රතිශතය සියයට තිස්හතරයි දශම හයයි එකක් ලෙස සටහන් වනවා. එය ශ්‍රී ලංකාව අවසන් වසර පහේදී වසරක් තුළදී විස්සයි විස්ස තරගවලදී පහල වැටුණු දුර්වලතම වසර වශයෙන්ද සටහන් වනවා. ශ්‍රී ලංකාව විස්සයි විස්ස කණ්ඩායම ලෝක කුසලානයට පෙර සකසා ගැනිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව, පුහුණුකරු මිකි ආතර් සමග ද සාකච්ඡා කර තිබෙනවා. නිමා වූ ඉන්දිය විස්සයි විස්ස තරගාවලි පරාජයෙන් පසු ශ්‍රී ලංකා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම් වල අටව ස්ථානය දක්වා පහත බැස තිබෙනවා. ශ්‍රී ලංකා පසු කරමින් ඇෆ්ගනිස්ථානය විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම් සටහනේ 07වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිම ද විශේෂත්වයක්.