පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර විශේෂ ප්‍රකාශයක් ලබා දීම සඳහා අධිකරණයෙන් අද අවසර ඉල්ලා සිටියා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී
පාඨලී චම්පික රණවක මහතා ගමන් කළ මෝටර් රථයේ ගැටී තරුණයෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටයි ඔහු මෙලෙස අවසර ඉල්ලා තිබෙන්නේ. සැකකරු මේ වන විට රුපියල් දෙලක්‍ෂ පනස් දහසක ශරීර ඇප 2 ක් මත මුදා හැර සිටිනවා.

මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනෙකු හෙට දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකටද ඉදිරිපත් කෙරුණා. ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.