https://www.gossiplankanews.com/2020/01/132-deaths-chinese-media.html#more
2019-nCoV නමින් හඳුන්වන කොරෝනා වෛරසය ආසාදිතවී මියගිය සංඛ්‍යාව අද (29) වනවිට 132 දක්වා ඉහළ ගොස් ඇත. මියගිය සියල්ලන් චීන ජාතිකයින්ය. චීනය ඇතුළු රටවල් 18 කට මෙම වෛරසය පැතිර ඇති අතර ආසාදිතයින් ගණන 6062 දක්වා අද වනවිට ඉහළ ගොස් ඇත.
චීනයේ වසංගත රෝග අධ්‍යයන කමිටුව නිකුත් කළ වාර්තාව අනුව
ප්‍රධාන රෝග ලක්ෂණ සහිත බවට රෝගීන්ගේ ප්‍රතිශත අගයන් උණ (98%), කැස්ස (76%) සහ මාංශ පේශි කැක්කුම හා විඩාව (44%) බවයි.
හිසරදය සහ පාචනය වැනි රෝග ලක්ෂණද මේවාට අමතරව  ඇතුළත් වේ. 50% රෝගීන් හුස්ම ගැනීමේ

අපහසුතාවට ලක්ව ඇති බව වාර්තා විය.

මේ වනවිට ඇමරිකාව ජර්මනිය හා කැනඩාව සිය සංචාරකයින්ට චීනයට නොයන ලෙස උපදෙස් දී ඇත. ලෝක සෞඛ්‍ය සවිධානයේ අධ්‍යක්ෂ Tedros Adhanom ඊයේ චීන ජනපති හමුවීමට චීනයට ගිය අතර ඉදිරියට මේ ගැන කළ හැකි දෑ ගැන සාකච්ඡා පවත්වන ලදි.
එහිදී කොරෝනා වෛරස් පිළිබඳ විදේශ විශේෂඥයින් යුරෝපයේ සිට චීනයට ගෙන්වා පරීක්ෂණ වලට සහයදිය හැකි බව පවසා තිබේ.
ඊයේ (28) ප්‍රංශයේ 4 වැනි රෝගියාද වාර්තාවූ අතර මුල්වරට අප්‍රිකානු රටක් වන ඉතියෝපියාවේද කොරෝනා වෛරස් සැක 4 දෙනෙකු ගැන වාර්තා පළවිය.

මේ අතර කොරෝනා වෛරස් පිළිබඳ ආරංචි ලෝකය පුරා අනවශ්‍ය බියක් ඇතිවන ආකාරයට පැතිරවීම නිසා චීනය කෙරෙහි අප්‍රසාදය ඇතිවන ආකාරයට බටහිර මාධ්‍ය මගින් ප්‍රචාර දියත් කරන බවට චීනයේ බලධාරීන් චෝදනා කර තිබේ. මේ නිසා කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ ආරංචි නිල නොවන ආකාරයට වාරණයක් සිදු කර ඇති බවද වාර්තාවේ.

චීනයේ කලෙක සිට ෆේස් බුක්, ගූගල් යූටියුබ් ආදී සමාජ මාධ්‍ය තහනම් කර ඇත්තේද බටහිර බලවේග මගින් චීනයේ තොරතුරු වලට අනවශ්‍ය අතපෙවීම වැළැක්වීමේ අටියෙනි. මේ දක්වා කොරෝනා වෛරසය ගැන  දිනපතා යාවත් කාල කරමින් සිටි වෙබ් අඩවිද ඊයේ සිට වෙනස් මුහුණුවරකට හැරී ඇති අයුරුත් මේ අනුව දිස් විය.