https://www.gossiplankanews.com/2020/01/124000-ranjan-court.html
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා  විනිසුරුවරුන් තිදෙනකුට කතාකර බලපෑම් කළ බව කියන සිද්ධිය ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවට රන්ජන් පැමිණියේ කෝට් එකක් හැඳගෙනයි.
කිසියම් පුද්ගලයෙක් තමන්ගේ තනතුරු හා බලපුළුවන්කාරකම් ප්‍රයෝජනයට ගනිමින් විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාද පැවැත්වීම විනිසුරුවරුන්ට මෙන්ම සමස්ත අධිකරණ පද්ධතියටම කරන බලපෑමක් සේම කනගාටුදායක තත්වයක් බව මෙහිදී

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ඊයේ (29) නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් ඒ.යූ. කේ. පැල්පොල මහතා හමුවේ පැවැසීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් ද සිල්වා මහතා මෙකී සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අතර එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ මෙකී සිද්ධියේ විමර්ශන කටයුතු මෙතෙක් අවැසි නොමැති බව තව දුරටත් එකී විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත්ය.


සැකකාර මන්ත්‍රිවරයාගේ කටහඬ සාම්පල් ලබාගැනීම ඉකුත් 23දා ඔහුයේ  රසපරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව සිටියත් රස පරීක්ෂක කාර්යාලයේ තාක්ෂණ දෝෂයක් හේතුවෙන් ඔහුව එදිනට ඉදිරිපත් කිරීමට
නොහැකිවූ බවද ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පැවසීය.

දැනට සිදුකර තිබෙන විමර්ශන අනුව සැකකාර රාමනායක මහතා විනිසුරුවරුන් කිහිපදෙනකු සමඟ අවස්ථා විස්සකදී කතා කර ඇති බවට කරුණු අනාවරණ වන බවද ඔහු විවිධ පුද්ගලයන් සමඟ සිදුකළ දුරකථන සංවාද පටිගත කිරීම 2008 වසරේ සිට සිදුකර ඇති බවට මේ වනවිට සිදුකර තිබෙන විමර්ශනවලදී අනාවරණය වන අධිකරණ කටයුතු වලට යම් අයෙක් කිසියම බලපැමක් කරනවා නම් එය අධිකරණ පද්ධතියට කරන බරපතළ වරදක් බවද සැකකරුවකු පොල් කඩන පුද්ගලයකුද ඔහු බලපුළුවන් කාරයෙක්ද යන කරුණු අධිකරණයට කිසිසේත්ම අදාළ නොමැති බවද එකී වපසරිය තුළින් මෙකී සිද්ධිය පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළ යුතුව ඇති බවද ඒ මහතා පැවැසීය.

මෙම සැකකරු අන්‍යාකාරයන් සාක්ෂිකරුවන්ට බලපෑම් කරන බව එය අධිකරණ පද්ධතියේ පැවැත්මට බරපතළ ප්‍රශ්නයක් බවද ඒ මහතා කීය.

කිසියම් පුද්ගලයෙක් තමන්ගේ තනතුරු හා බලපුළුවන්කාරකම් ප්‍රයෝජනයට ගනිමින් විනිසුරුවරුන් සමඟ දුරකථනවලින් කතා කිම විනිසුරුවරුන්ට සිදුකරන බලපෑමක් මෙන්ම කනගාටුදායක තත්වයක් බවද ඒ මහතා පැවැසීය.

මෙවැනි තත්ත්වයක් ඇති වීම අවදානම් බදා මෙකී තත්ත්වය මින් එහාට නොයවා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කළයුතුව ඇති බව නීතිය හෑල්ලුවට ලක් කරන තත්වයක් ආවොත් එය ශුද්ධ පවිත්‍ර කිරීමේ වගකීම අධිකරණය සතුව තිබෙන බවද ඒ මහතා පැවැසීය.

මේ වනවිට සිදුකර තිබෙන විමර්ශන අනුව හා ලබාගෙන තිබෙන සාක්ෂි අනුව සැකකරුට එරෙහිව චෝදනා තිබෙන බවද ඉදිරීයේදී සිදුකරන එම විමර්ශන අනුව සැකකරුට එරහි තවත් චෝදනා ගොනු කිරීමට හැකියාව පවතින බවද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පැවැසීය.

මෙකී සිද්ධිය විමර්ශන තවදුරටත් සිදුකරන බවත් ඔහුට ඇප ලබාදුනහොත් සිදුකරන විමර්ශනවලට බලපෑමක් සිදුවිය හැකිව ඇති බැවින් සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඔහුගේ කටහඩ සාම්පල් ලබාගැනීම සඳහා ඔහුව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියෝගයක් ලබාදෙන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට පැවැසීය.

සැකකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ලේ ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා වන රාමනායක මහ‍තා අපරාධකාරයකු නොවන බවත් ඔහු පෙර කිසිදු අපරාධයක් සිදුකර හෝ එවැනි දෙයකට හවුල්ව තිබෙන බවට අනාවරණය නොවන බවත්ය.

තම සේවාදායකයාට ඇප ලබාදුනහොත් ඔහු පිළිබදව සිදුකරන විමර්ශන කටයුතු වලට බාධාවක් වන බව නීතිපති දෙපාර්තමේච හා පැමිණිලිකාර අපරාධ කොට්ඨාසය අධිකරණයට දක්වන කරුණු පිළිගත නොහැකි බවත් ඔහු කිසිදු මොහොතක අධිකරණය මඟහැර පැනලා ගිය අයකු නොවන බවත් අසනීප වාර්තා ඉදිරිපත් කර රෝහල් ගතව සිටි අයකු නොවන බවද ඔහු මොනයම් අවස්ථාවකදී හෝ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කර නොමැති බවද ඒ මහතා පැවසීය.


තම සේවාදායකයාට ඇප ලබාදුනහොත් ඔහු පිළිබඳව සිදුකරන විමර්ශන කටයුවලට බාධාවක් වන බව නීතිපති දෙපාර්තමේන්තුව හා පැමිණිලිකාර අපරාධ කොට්ඨාසය අධිකරණයට දක්වන කරුණු පිළිගත නොහැකි බවත් ඔහු කිසිදු මොහොතක අධිකරණය මඟහැරලා පැනලා ගිය අයකු නොවන බවත් අසනීප වාර්තා ඉදිරිපත් කර රෝහල්ගතව සිටි අයකු නොවන බවද ඔහු මොනයම් අවස්ථාවකදී සාක්ෂකරුවට බලපෑම් කර නොමැති බවද ඒ මහතා පැවැසීය.

තම සේවාදායක හා අධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සමඟ දුරකථන සවාදයේ යෙදී ඇති නමුත් ඔහු පවතින නඩු කටයුතු සඳහා බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන බවද මහාධිකරණ විනිසුර පද්මිනී රණවක (විශ්‍රාමික). මහත්මිය සමඟ ඔහු දුරකථනයෙන් කතා කර ඇත්තේ දුමින්ද සිල්වගේ නඩු තීන්දුවෙන් වසරකට පමණ පසුව බවද එකී සංවාදය සිදුව තිබෙන්නේ ඇයට උසස් වීමක් ලබාගැනීම සඳහා මිසක නඩු කටයුත්තක් සඳහා නොචන බවද ඒ මහතා පැවැසීය.

ඔහු සෙසු විනිසුරුවරුන් සමඟ කතා කළ අවස්ථාවන්හිදීද ඔහු එකී විනිසුරුවරුන්ට බලපෑමක් සිදුකර නොමැති බව පෙනෙන්නට තිබෙන බවද ඒ මහතා කීය.

තවද එකී විනිසුරුවරුන්ගෙන් මෙන්ම තම සේවාදායකයාගේ කාර්යාලයේ සේවයෙහි නියුතුවූවන්ගෙන්ද විමර්ශන නිලධාරීන් මේ වන විට සාක්ෂි ලබාගෙන අවසන් කර තිබෙන බවද තව ලබාදීමට ඇත්තේ කටහඬ සාපල් පමණක් බවද එම නිසා සැකකරුට ඇප ලබාදීම තුළින් මෙකී සිද්ධියේ විමර්ශනවලට කිසිදු බාධාවක් නොවන බවද ඒ මහතා කීය.

තම සේවාදායකයාට රස පරීක්ෂක කාර්යාලයට ගොස් එහි දින හතම වුවද ගතකර කටහඩ සාම්පල් ලබාදීමට හැකියාව තිබෙන බව මෙකී සිද්ධිය එතරම් බරපතළ කාරණයක් නොවන බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ සැකකරුට ඇප කොන්දේසියක් යටතේ සැකකරුට ඇප ලබාදීමට නියෝගයක් ලබාදෙන ලෙසද සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.

දෙපාර්ශ්වයේ නීතිඥචරුන්ගේ කරුණු දැල්වීමෙන් අනතුරුව විත්තිකුඩුවේ සිටි රන්ජන් රාමනායක මහතා විනිසුරුතුමනි මට ප්‍රකාශයක් දීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමින් කියා සිටියේ තමන් නිසි පුද්ගලයකු බවත් එක්තරා පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් තමන් පැවැත්වූ හඩපට විකෘති කරමින් එකී නාළිකාව හරහා ප්‍රචාරය කරන බවත්ය.

තමන් සතුව තවත් හඬපට එක්ලක්ෂ විසිහතර දහසක් තිබෙන බවද තමා පාර්ලිමේන්තුවට යන අවස්ථාවන්හිදී ඕම් අයකු මුණගැසී කතා කරන්න පුළුවන් බව මන්ත්‍රී වරප්‍රසාද ලබා ගනිමින් තමන් කිසිදු සාම්කරුවකුට බලපෑමක් සිදුකර නොමැති බවද ඔහු කීය.

තමා විනිසුරුවන්ට් කතා නොකළ බවත් විනිසුරුවරුන් තමාට කතා නොකළ බවත් විනිසුරුවරුන් තමාට කතා කළ බවත් රාමනායක විත්ති කූඩුවේ සිට තවදුරටත් කීය.

සැකකරුගේ මෙවැනි කතා තමා බලපෑම් කරනවා කියා කියන්නේ යැයි සැකකරුගේ අදහස් දැක්වීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයේ නීතිඥවරුන් හමුවේ පැවැසීය.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල්ද සිල්වා ඇතුළු පිරිසක්ද පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් වසන්ත රණසිංහ, ආශා කහවත්ත, උදුල් ප්‍රේමරත්න, රුවනි විජේසිංහ ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

කුමුදු උපුල් ශාන්ත ඡායාරූපය - නුවන් අමරවංශ