යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවෙකු කිලිනොච්චිය උරුතිරපුරම් ශිවනගර් ප්‍රදේශයේදී විදුලි සැර වැදී මියගොස් ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

අම්පාරේ සිට
අධ්‍යාපනය හැදෑරීම සඳහා කිලිනොචිචිය විශ්වවිද්‍යාල මණ්ඩපයට පැමිණ සිටි විග්නරාසා සාරංගන් නමැති විසි දෙහැවිරිදි මෙම සිසුවා මියගොස් ඇත්තේ 30 වැනිදා වර්ෂාව පැවති අවස්ථාවේදී අක්‍රීය වූ  විදුලි මෝටරයක් පරීක්ෂා කිරිමට
ගිය අවස්ථාවකදී බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

සිසුවා නැවතී සිටි නේවාසිකාගාරයට ජලය සැපයන විදුලි මෝටරය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදි මෙම සිසුවාට විදුලි සැර වැදී ඇති අතර එම අවස්ථාවේදීම ඔහු කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වනවිටින් මියගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කොටෙ තිබේ.

සිසුවාගේ මෘතශරිරය පරික්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙතට භාරදීමට පියවර අහන ඇති බව පරීක්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් පැවසීය.

වන්නි රාමේෂ් මධුෂංඛ