අමාත්‍යාංශවලට හා අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම ජනාධිපති කාර්යාලය විසින් නතර කරනු ලැබ ඇතැයි රඡයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය
රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව එම ආරංචි මාර්ග කියයි.යම් අමාත්‍යාශයකට වාහනවල අඩුවක් පවතින්නේ නම් ජනාධිපති කාර්යාලය සතු අතිරික්ත වාහන එම අමාත්‍යාංශවලට ලබා දීමට කටයුතු යොදා ඇති බව ද වාර්තා වේ.

රජයේ වියදම් සීමා කිරීම් පියවරක් ලෙස මම තීරණය වන ඇත.

අමාත්‍යාංශවල වාහන, ගමන් බිමන්, ගොඩනැගිලි පහසුකම් ආදිය වෙනුවෙන් කරන වියදම් ඇතුළු අත්‍යවශ්‍ය නොවන සියලු වියදම් කපාහරින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ද අමාත්‍යාංශවලින් හා ඒ යටතේ ඇති ආයතනවලින් ඉල්ලීමක් කර තිබිණ.

අජන්ත කුමාර අගලකඩ