සුගියදා නව රජය යටතේ බදු සහන ලබාදීම හේතුවෙන් විශාල වශයෙන් බදු ලිපි ගොනු වසාදමන්නට සිදුව ඇති බව ආදායම් බදු දෙපාර්තමේන්තුආරංචි වාර්තා කර තිබේ.
මේ නිසා ලක්ෂ 5 ක පමණ බදු ගෙවන්නන්
බදු ගෙවීම් වලින් නිදහස් කර ඇති අතර බදු අඩුකිරීම හා උපයන විට ගෙවීම් බදු සීමාව ඉහළ නැවීම හේතුවෙන් රජයට මසකට රුපියල් කෝටි 50,000 ක පමණ ආදායමක් අහිමි වන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.


මෙම බදු සහන හරහා ජනතාව අතර මුදල් සංසරණය ඉහළ ගොස් එමගින් ආර්ථික වර්ධනය සියයට 6 පමණ මට්ටමක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්  පැවසීය.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ශ 80 ක් පමණ වන අතර ඔවුන්ගෙන් උපයනවිට බදු ගෙවනු ලැබුවේ සියයට 8 ක පමණ ප්‍රමාණයක් වූ නමුත් එම බදු සීමාව ඉහළ යැම නිසා එවැනි බදු ලිපිගොනු විශාල සංඛ්‍යාවක් වසාදැමීමට සිදුව ඇතැයි ද පැවසේ.

උපයන විට බදු ගෙවන්නන්ගේ ලිපි ගොනු 6,50,000 න් 5,20,000 ක් පමණ වසා දැමීමට සිදුව ඇතැයි වාර්තාවේ.

මාසික ආදායම 125,000 ට වැඩි වැටුපක් ලැබුවත් උපයනවිට ගෙවීමේ බද්දට යටත්වූ අතර රජය එම සීමාව 2,50,000 දක්වා ඉහළ නැවීය.

වැට් බද්ද සියයට 15 සිට සියයට 8 දක්වා පහත දැමිණ.