රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති නිලන්ත ජයවර්ධන
මහතා පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර තිබේ. පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වුණු පාස්කු ප්‍රහාරය පිළිබඳව අදාළ බුද්ධි තොරතුරු කල් ඇතිව ලබාදී තිබුණේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසිනි.

රාජ්‍ය බුද්ධි සේවය නව අධ්‍යක්ෂවරයා ලෙස පත් වීමට නියමිත බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර බුද්ධි මෙහෙයුම් රැසක් මෙහෙයවන ලද බුද්ධි නිලධාරියෙක් ලෙස ප්‍රකට අයෙකි. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂධුරය සඳහා යුද හමුදා නිලධාරියෙක් පත්වන්නේ පළමු වතාවටය.