මුතූර්, සාපිනගර් වෙල්යායේ දී වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන ඇතින්න ළග රැඳී සිටි මාස හතරක් වන අලි පැටවකු ඉන් මුදාගෙන පෙරේදා (4) පස්වරුවේ ගිරිතලේ පිහිටි වන පශු වෛද්‍ය ඒකකයට භාරදිමට
කන්තලේ හා සේරුනුවර අඩවි
කාර්යාලවල වනජීවී නිලධාරීහු කටයුතු කළහ.  මව් ඇතින්නගේ ඉදිරිපස පාදයක වෙඩි වැදුණු සලකුණු ඇති අතර පැටවා මියගිය මව වටා යමින් කිරි බොමින් රැඳී සිටිය දී පැටවා ඉන් මුදාගැනීමට වනජීවී නිලධාරීන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය.

වනජිවි නිලධාරීන්ට පහර දෙමින් මඟ අසල දඩබ්බර ලෙස හැසිරුණු අලි පැටවා අල්ලා ගැනීමට වනජිවි අඩවි සහකාරවරුන් වන එම්.ඩි.සි. කුලරත්න, එම්.ඩි.එස්. මාරසිංහ, නියාමකරුවන් වන පැතුම් දසනායක, සම්පත් නිශාන්ත, එච්.එම්.පී. අබේනායක පුහුණු වන සත්ව නියාමක ටී. සදිප් මධුසංක යන මහත්වරුන් ඇතුළු සිවිල් ආරක්ෂක භට පිරිසක් කටයුතු කළහ. අල්ලාගත් අලි පැටවා එම අවස්ථාවේම ගිරිතලේ පිහිටි වනජීවී පශු වෛද්‍ය ඒකකයට භාරදීමට කටයුතු කෙරීණි.


-අමරදෝරු අමරවීර-