එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසාගේ අභාවය
නිසා හිස් වූ මන්ත්‍රි ධුරය සඳහා එම පක්ෂයේ මහ ලේකම්වරයා විසින් මනාප ලැයිස්තුවෙන් නම් කර එවන
අය මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී  රත්නායක පැවැසීය.

මනාප
ලැයිස්තුවේ රංජිත් සොයිසා මහතාට පසු වැඩිම මනාප ලබාගෙන ඇත්තේ හිටපු පළාත් සභා
මන්ත්‍රි වරුණ ලියනගේ මහතාය.

මේ වනවිට ලියනගේ මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී සිටින බැවින් ඊළඟට වැඩිම මනාප ලබා
සිටින සනී රෝහණ කොඩිතුවක්කු මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් නම් කිරීමට ඉඩ ඇති බව
වාර්තා වේ.

ලබන 3 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු නව මන්ත්‍රිවරයා දිවුරුම් දෙනු
ඇතැයි දැනගන්නට ඇත.

ජේ.ටී. ද සිල්වා