https://www.gossiplankanews.com/2019/12/sajith-opp-leader.html
ද දින රැස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරන්නට තීන්දු කර තිබේ.මේ සමගම
එජාප නායක රනිල් හා සජිත් අතර

විපක්ෂ නායක ධූරයට පැවති පිල් බෙදීම අවසන්ව ඇත.
අනතුරුව එක්සත් ජාතික පක්ෂ මහලේකම්  අකිල විරාජ් කාරියවසම් මහතා එම තීරණය කථානායකතුමන් වෙත යොමු කරන ලද  බවත් එම තීරණ නිර්දේශය කථානායකතුමා පිළිගෙන ඇති බවත් නිවේදනය කර තිබේ.
ඒ අනුව, එළැඹෙන 2020 ජනවාරි 03 වන දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කර ගරු ජනාධිපතිතුමන්ගේ රාජාසන කථාව ඉදිරිපත් කිරීමෙන් පසුව එදින පස්වරු 01.00 ට නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී විපක්ෂනායක ධුරය සජිත්ට නම් කිරීම පිළිබඳ නිල නිවේදනය ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.