රජය මගින් වැට් බද්ද අඩු කිරීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමේ සහනය පාරිභෝගිකයාට ලබාදීම සඳහා පාන් හැර බනිස් සහ මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5 කින් අඩු කිරීමට
පියවර ගන්නා බව
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.ආර් ජයවර්ධන මහතා පැවසීය.

රජයේ මෙම බදු සහන ප්‍රතිපත්තිය හේතුවෙන් බේකරි හිමියන්ට විශාල වශයෙන් සහන සැලසී ඇති බවද ඒ මහතා කීව.

මෙම බදු සහනය හේතුවෙන් කේක් කිලෝවක මිලද රුපියල් 50 කින් අඩුවන බව ඒ මහතා පැවසීය.

පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩුවීම හේතුවෙන් මෙම සහනය ජනතාවට සලසන ලෙස සියලුම බේකරි නිෂ්පාදකයිගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

(මහින්ද නිශ්ශංක)