https://www.gossiplankanews.com/2019/12/ranjith-soysa-passed-away.html#more
ක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා  අද(04) උදෑසන අභාවප්‍රාප්ත වූ බව සිංගප්පූරුවෙන් වාර්තාවේ.
හදිසියේ අසනීප වූ රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා

පසුගිය 28දා අලූයම ප‍්‍රතිකර සඳහා ගුවන් මගින් සිංගපූරුවේ රෝහලකට ගෙන යනු ලැබීය. මියයනවිට ඔහු 57 වන වියේ පසුවිය.

ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිට සාමාජිකයෙකුවූ ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කළ අයෙකු ලෙස සැලකේ.
දෙදරු පියෙකු වන රංජිත් සොයිසා මහතා දේශපාලනයට පිවිසිමට පෙර වැවිලිකරුවෙකි.

1997දී අටකලන්පන්න ප‍්‍රාදේශීය සභාවටත්  2004 සබරගමු පළාත් සභා වටත් පත්වී
පසුව සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද කටයුතු කළ රංජිත් සොයිසා මහතා 2015 මහ මැතිවරණයෙන් සංධානය නියෝජනය කරමින් රත්නපුර මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව සිටියේය.