මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී කිසිදු දරුවකු අපහසුතාවයකට පත්වී නැතැයි අධ්‍යාපන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
එවැනි බාධා සිදුවී ඇති බවට අසත්‍ය නොරතුරු ප්‍රචාරණය වන බවද එය දේශපාලන වාසි ගැනීමේ ප්‍රයත්නයකැයිද ඇමැතිවරයා කියයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද සඳහන් කරයි.

ඇතැම් සමාජ මාධ්‍ය

ජාලාවල ඊයේ දවසේ ප්‍රචාරය වුණ කැකිරාව අධ්‍යාපන කලාපය තුළ මුස්ලිම් දියණියන් කිහිප දෙනකුට ඔවුන්ගේ සංස්කෘතික මුහුණ වැසීම නිසා එම විභාග මධ්‍යස්ථානයට ඇතුළුවීමට ඉඩ දුන්නේ නැති බවට ප්‍රවෘත්තියක්. මේ ප්‍රවෘත්තිය කන වැකුණ වහාම මම අපේ විභාග කොමසාරිස් ජනරාල්තුමාට කතා කරල කිව්වා වහාම මේ ගැන සොයා බලා ඒ තත්වය නිවැරදි කරන්න කියලා. එතුමන් විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාට පුද්ගලිකව කන්නා කළා.

කැකිරාව කලාප අධ්‍යක්ෂිකාට කතා කළා. එවැනි කිසිවක් එනන සිදුවී නොමැති බැවින් මෙවර විභාගයට පෙනී සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දරුවන් කිසිදු බාධාවකින් තොරව විභාගයට පෙනී සිටින්නට අවස්ථාව සලසා ඇති බවත් මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකේය පුරවැසියන් වශයෙන් අප මේ අවස්ථාවේ කළ යුත්තේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවා හැරිමට ඉඩදීම නොව දරුවන්ගේ අනාගතය පිළිබඳ තීරණාත්මක මොහොතක ඔවුන්ට විභාගයට පෙනී සිටීමට ආත්ම ශත්තිය වැඩි වේවායි ප්‍රාර්ථනා කරමින් ඔවුන් වෙත සුබපැතීමයි.