අනියම් පෙමට බාධාවක් වූ දස හැවිරිදි පුතුට වස පොවා සැඟව සිටී මවක හා ඇගේ අනියම් සැමියා කොත්මලේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අනියම් සැමියා නවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත්කරන ලදී.

එහිදී මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා මෙම සිද්ධියට සම්බන්ධ අනියම් පුරුෂයා මෙම මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකී.

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දරුවකුට විස සහිත දියරයක් පානය කිරීමට දී ඇති බව කියැවේ. කොත්මලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා ගම්පොළ රෝහල වෙත යවා තිබිණි මෙම ප්‍රදේශයේ පදිංචි
40 හැවිරිදි කාන්තාවක් මඟතොටේදී හමු වූ30 හැවිරිදි පුද්ගලයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබිණි.

විවාහක 40 හැවිරිදි මෙම කාන්තාවට දරුවන් තිදෙනකු සිටින අතර වැඩිමහල් දියණියන් දෙදෙනාම විවාහ වී වෙනත් ප්‍රදේශවල පදිංච්ච ඇත.
ඇගේ සැමියා පිට ප්‍රදේශයක රැකියාවට යන අතර ඈ නිවෙසේ සිට ඇත්තේ දස හැවිරිදි මෙම පිරිමි දරුවා සමඟය.

ඒ අතරම අනියම් සැමියා සමඟ ඇය දිගටම ඇසුර පවත්වා ඇති අතර ඔවුන්ගේ මෙම ඇසුරට පුංචි පුතු බාධාවක් වී ඇත.
ඒ අනුව පසුගිය මස 08 වැනි දින මෙම අනියම් සැමියා මෙම පුතු හට විස සහිත යමක් පානය කිරීමට දී ඇති අතර එයින් ඔහු බරපතළ ලෙස රෝගී වීම නිසා මෙසේ රෝහල්ගත කර ඇත.

ඒ සමඟ මෙම අනියම් යුවළද නිවෙසින් අතුරුදන්ව ඇති අතර පොඩි පුතුගේ කට උත්තර අනුව ඔවුන් සොයා ගැනීම සදහා කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලීස් එච්.ඒ.ප්‍රේමලාල් මහතා ඇතුළු කණ්ඩායමක් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
ඒ අතර මෙම කාන්තාව ගමට පැමිණ අනි අතර ඇගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා කටුගස්කොට ප්‍රදේශයේ සිටි බව
අනාවරණය වී ඇති අතර අනියම් සැමියා අඹේවෙල පට්ටිපොල ප්‍රදේශයේ ඥාති නිවසකට ගිය බව හෙළි වී ඇත.ඒ අනුව සිද්ධියෙන් දින 24කට පසු මෙම අනියම් සැමිය අත්අඩංගුවටගැනීමට හැකි වී ඇත. 02දා සවස නවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම දරුවාට දී ඇති විස වර්ගය හදුනා ගැනීම සඳහා එහි කොටස් රස පරීක්ෂාකවරයා වෙත යැවීමට කොත්මලේ පොලීසිය පියවර ගෙන තිබිණි.

නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.බී.ටී. සුගතපාල, ස.පො.අ. ක්‍රිෂාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. එච්.ඒ. ප්‍රේමලාල්, පො.ප. බණ්ඩාර, උ.පො.ප. වීරසිංහ, පො,කො. රංදික (74272),රුවන් (66583), සා.පෙ.දුලිකා (6618) සහ නිලධාරීහු මෙම පරීක්ෂණ සිදු කළහ.


ගම්පොළ - මාධව බණ්ඩාර