https://www.gossiplankanews.com/2019/12/couple-missing.html
සංගීත සංදර්ශනයක් නරඹා මගුරු ගඟ හරහා ඔරුවකින් යමින් සිටියදී තරුණ අඹුසැමි යුවළක් ඔරුව පෙරළීමෙන් අතුරුදන්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.
මෙම සිද්ධිය ඊයේ 23 වැනිදෑ අලුයම් කාලයේ වී ඇති අතර මෙලෙස අතුරුදන්ව ඇත්තේ
බදුරලිය කරව්ව - මෝල්කාවේ එම.ඩි. ලයනල් (20) සහ හෂිනි සරදිතා (21) යන අඹුසැමි යුවළයි.

අතුරුදන් වූ අඹුසැමි යුවළ ඔවුන් පදිංචි ප්‍රදේශයේම තවත් හත් දෙනකු සමග බුලත්සිංහල ඉහළ වෙල්ගම ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් නැරඹිමට ගස් යළි නිවවෙස් කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

ඔවුන් පදිංචි ප්‍රදේශයේ සිට බුලත්සිංහල ඉහළ වෙල්ගම ප්‍රදේශයට කෙටිම මාර්ගය මගුරන් ගහ හරහා වැටී තිබූ බැවින් ඔවුන් ඔරුවකින් ගඟ තරණය කර සංගීත සරංදර්ශනය නැරඹීමට පැමිණ ඇති බව සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව

පොලිසිය කියයි.

අලුයම එකෙයි හතළිස් පහට පමණ සංගීත සංදර්ශනය නරඹා නැවත නිවෙස් බලා මෙගොඩ පැමිණෙමින් සිටියදී ගඟ මැද ප්‍රදේශයේදි ඔරුවේ සැඩ පහරට මැදිව ගසාගෙන යද්දි ඔරුවේ පිරිස් කලබල වී සියලු දෙනාම ගහෙට වැටී ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේ ඔරුවේ එකම තැන යමින් ගත් සිය බිරිය ජලයේ ගසාගෙන යන අයුරු දුටු සැමියා ඇය බේරා ගැනීමට කළ උත්සහයේදී ඔහුදු ජලයේ ගසාගෙන ගොස් දෙදෙනාම අතුරුදන්වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඔවුන් සංගීත සංදර්ශනය නැරඹිමට ඔරුවෙන් මගුරු ගඟ හරහා යාමිදි එහි ජලය එතරම් තිබී නැති අතර අලුයම පැමිණන විට එහි ජල මටිටම වැඩි වී ඇතැයි දිවි බේරාගත් පිරිස ලබාදුන් ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සිද්ධියෙන් අතුරුදන් වූ තරුණ අඹුසැමි යුවළ විවාහ වී මාස කිහිපයක් බවත් දෙදෙනා එකම ඇඟලුම් කර්මාන්තශාලාවක රැකියාව කරන බැවින් රැකියාවට යාමේ පහසුව තකා අතුරුදන් සැමියාගේ සහෝදරයාගේ නිවෙසේ තාවකාලිකව පදිංචිව සිට ඇතැයි පොලිස් නිලධාරියක් වැඩිදුරටත් පැවසීය.

අතුරුදන් තරුණ අඹුසැමි යුවළ සොයා ප්‍රදේශවාසීන්

පොලිසිය හා නාවික හමුදාව එක්ව මෙහෙයුම් සිදු කරන බවත් ගහෙහි අධික සැඩ පහර මෙන්ම ජල මට්ටම වැඩිවීම හේතුවෙන් ජලය බොර පැහැ ගැන්වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත් ගුණරත්න, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරී එම්.ටී.වී. පත්මකුමාර මහතාගේ උපදෙස් මත බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චමින්ද සිල්වා, සැරයන් (35147) අරුණ කුමාර මහත්වරු පරික්‍ෂණ පවත්වති.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමත් ජයසිංහ, හොරණ - නයනදුල සෙන්දනායක සහ කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චී