10.50 pm update
අත් අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හෙට (18) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය මීට සුලු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියෝග කර තිබේ.
10.30 pm update
පාඨලී චම්පිකගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කරද්දී අවට විශාල පිරිසක් රැඳී සිටි අතර කලබල ඇතිවේ යන අදහසින් කැරලි මර්ධන ඒකකයද කැඳවා තිබුණි.
එහිදී පාඨලි චම්පික රණවක මහතාගෙන් කරුණු විමසා සිටි සජිත් ප්‍රේමදාස මහතා පිටතට පැමිණ මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ මෙම බරපතල අසාධාරණ ක්‍රියාවට
තරයේ විරුද්ධ වන බවත් පාඨලි චම්පික රණවක මහතා වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බවත්ය.
9.30 pm update
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.
එම ස්ථානයට මේ වනවිට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් පැමිණ සිටින අතර සජිත් ප්‍රේමදාස මහතා ද ඒ අතර වේ.
චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන යාමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුවූ
බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවස වෙත හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණ කරුණු විමසා බැලූ බව පැවසේ.
7.30 pm update
සුගිය දිනවල නැවත කථාබහට ලක්වූ 2016 දී රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ
කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් පාඨලී චම්පික

අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ඒ් සම්බන්ධයෙන් විරෝධයක් දක්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්නේ නම් කතානායකවරයා දැනුවත් කළ යුතුය යන තර්කය ගෙන හැර පාමිනි. නමුත් අත්අඩංගුවට පැමිණි නිලධාරියා එම තර්කය ඇසීමෙන් පසු එළියට ගොස් නියෝජ්‍ය කථානායකගේ අනුමැතිය ලබාගෙන අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.

2016 දී රාජගිරියේ සිදුවූ රිය අනතුරක් නිසා ආබාධිතවූ සංදීප් සම්පත් තරුණයා සම්බන්ධ කාරණාවට හිටපු ඇමතිවරයාගේ නම ගෑවී තිබුණත් ඔහුට එරෙහිව සාක්ෂි ප්‍රමාණවත් නොවීම මත හිටපු ඇමතිවරයා ඇප මත නිදහස් වී තිබුණ නඩුවක්වූ අතර දේශපාලන පෙරැළියෙන් පසු නැවත නඩුව ඉස්මතුකිරීම දේශපාලන හේතුන් මත සිදුවූ බව හිටපු ඇමති පාඨලී චම්පික මීට දින කිහිපයකට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේය.
නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා හිටපු ඇමතිවරයාට එරෙහිව එල්ලවී ඇති බව නව නඩු වාර්තාව මගින් කියැවේ.
නීතිපති දප්පුල ද ලිවේරා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති  උපදෙස් අනුව  මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පාඨලී චම්පික පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන කරුණු දක්වා මෙම ක්‍රියාව නීතියට පටහැණි බව දන්වා සිටි අයුරු පහතින්