විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේද යටතේ මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගැනීමේ කාර්යෙහි යෙදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමුව තිබේ.මෙවැනි සමහර ක්‍රමවේද ලෙස පොරොන්දු  නෝටිටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් එක්රැස් කිරීම සදහන් කළ හැකිය,
මෙවැනි මූල්‍ය උපක්‍රම වඩාත් ආකර්ෂණීය වීම සඳහා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීමද දැකිය හැකි ලක්ෂණයක් බවත්, තම ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය අරමුදල්
සම්පාදනය කරගැනීම සඳහා මෙවැනි මාර්ගවලින් මුදල් එක්රැස් කිරීම සිදුවුවද එම මූල උපකරණ කොතරම් දුරට තම ආයෝජන සඳහා යෝග්‍ය වන්නේද යන්න කෙරෙහිද අවධානය යොමුකළ යුතුව ඇති බව මහ බැංකුව කියයි.එහෙත් සමහර ආයතන විසින් මහජනයා වෙත ප්‍රමාණවත් සහ නිවැරදි තොරතුරු හෙළි කිරීමකින්
තොරව මෙබඳු උපකරණ මගින් මහජනයාගෙන් මු ෂමීල  දල් තැත්පතු භාරගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. මෙවැනි තත්වයක් තුළ මුදල් ආයෝජනය කිරීමේදී තමන් ආයෝජනය කරනු ලබන මුල්‍ය උපකරණයේ සැබෑභාවය, එවැනි උපකරණ නිකුත් කිරීමේ ක්‍රමවේදය අනුගමනය කර ඇත්ද? එකී මූල්‍ය උපකරණවල නීතිමය තත්ත්වය කුමක්ද? සහ එවැනි ආයෝජනවල ඇති අවදානම් තත්ත්වය කුමක්ද? යනාදී කරුණු පිළිබඳව ඉතා සැලකිල්ලෙන් කරුණු සලකා බැලිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි.තවද පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම් මගින් මුදල් එක්රැස් කිරීමේදී අනුගමය කරනු ලබන ක්‍රමවේදය,

එම ආයෝජනයට අදාළ නියමයන් හා කෝන්දේසි, ආයෝජනය කරන ලද මුදල් ආපසු ගැනීමට අදාළ ක්‍රියා පටිපාය ආදිය බැංකුවක හෝ මුදල් සමාගමක මුදල් තැන්පත් කිරීමට සහ එම මුදල් ආපසු ලබාගැනීමට අදාළ ක්‍රමවේදයට වඩා වෙනස් වන බවද ශ්‍රී ලංකා මහ බැංකුව මඟජනතාව වෙත දැනුම් දෙයි. එහිදී, බැංකුවල සහ මුදල් සමාගම්වල කරනු ලබන තැන්පතු ශ්‍රී ලංකා තැත්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ආවරණය කෙරෙන බවත්, එනමුදු පොරොන්දු නෝට්ටු,

වාණිජ පත්‍ර සහ ණයකර යටත් කරනු ලබන ආයෝජන ඉහත තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ සුදුසුකම් ලබන තැන්පතු ලෙස නොසැලකෙන බැවින් එකී ආයෝජන ආපසු ගෙවීම සම්බන්ධව ඇතිවන ගැටලුවලදී ආයෝජකයන්ට තැන්පතු රක්ෂණ හිමිකම් ලබාගත නොහැකි බවත් මහ බැංකුව කියයි. තවද දැනට පවතින තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකුවල හෝ මුදල් සමාගමිවල කරනු ලබන තැන්පතු සඳහා එක් තැන්පත්කරුවෙකුට රුපියල් ලක්ෂ 6 ක උපරිමයක් දක්වා රක්ෂණ මුදල් ලබාගත හැකි බවද මහ බැංකුව සිහිපත් කරයි. | ඉහත සඳහන් කරුණු අනුව, ඉහත කී මූල්‍ය උපකරණ යටත් විවිධ ආයතනවල ආයෝජනය කිරීමේදී ඉතා සැලකිලිමත් කටයුතු කිරිමෙන් වෙහෙස

මහන්සියෙන් උපයා ගන්නා ලද මුදල් ආරක්ෂා කරගත හැකිවනු ඇති බවත් මහ බැංකුව කියයි. කෙසේ වෙතත් එකී මූල්‍ය උපකරණවල ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන අය එම ආයෝජනයන්ට අදාළ ලීයකියවිලි සහ එම ලේඛනවල අඩංගු කොන්දේසි හා නියාමනයන්, ප්‍රතිලාභ ප්‍රමාණයන් මෙන්ම කල්පිරීමේදී හෝ ඊට පෙර මුදල් ලබාගැනීමට ඇති හැකියාව ආදී තොරතුරු පිළිබඳ ඉතා පරික්ෂාකාරීව, විමසා බැලීමෙන් පසුව තම ආයෝජන සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත වැඩිදුරටත් දන්වා සිටියි.

ෂමීල පෙරේරා