විල්පත්තුව ජාතික වන උද්‍යානයේ දඩයමේ ගොස් වනජීවී නිලධාරීන්ගේ මෙහෙයුමක් අතර පලා ගොස් අතරමං වී සිටි දඩයක්කරුවකු ඊයේ (08දා) උදෑසන පිරිසක් විසින් සොයා ගෙන පුත්තලම මූලික රෝහලට
ඇතුළත් කළ බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.
වනාතවිල්ලුව විකුලම පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු මෙසේ රෝහල්ගත කොට තිබේ.

සැකකාර තරුණයා සහ තචත් දෙදෙනෙකු විල්පත්තුව ජාතික වන උද්‍යානයට පසුගිය (05දා) ඇතුළු වී පොම්පරිප්පු ප්‍රදේශයේ දඩයමේ යමින් සිටියදී කුලෑම වනජිවි කාර්යාලයේ
නිලධාරීන් දැක පලා ගොස් තිබූ බව පොලීසිය පවසයි. එහිදී සැකකරුවන් තිදෙනෙකු පලා ගොස් තිබු අතර පසුව වනජීවී නිලධාරීන් සිදු කළ සෝදිසියකදී මෙම සැකකරුවන් වෙඩිතබා ඝාතනය කරන ලද ගෝනෙක් සොයා ගෙන තිබු අතර ඒ සමගම ගිනිඅවියක්, පුරවන ලද පතොරම් හයක්,
ජංගම දුරකථනයක් හා තියුණු ආයුධ තොගයක්ද වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
කෙසේ වෙතත් මෙම දඩයමේ ගිය සැකකරුවන්ගෙන් දෙදෙනෙකු නැවත එළුවන්කුලම ගම්මානයට පැමිණ තිබුණද අනෙක් සැකකරු පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබූ බවද පොලීසිය කියයි. පලා ගිය සැකකරු සොයා වනජීවී නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබුණද කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබිණි අනතුරුව මෙම පුද්ගලයා සොයා එළුවන්කුලම ගම්වාසීන් 50ක් පමණ ඊයේ (08දා) අලුයම විල්පත්තුව ජාතික වන උද්‍යානයට ඇතුළු වී මෙම සැකකරු සොයා යමින් සිටියදී විල්පත්තුව එළුවන්කුලම පිවිසුමේ සිට කිලෝමීටරයක් ආසන්නයදී හමුවී ඇති බව කියයි. අදාළ පිරිසට මෙම තැනැත්තා හමුවන විට දින තුනක් පුරා කිසිදු ආහාරයක් නොමැතිවීම හේතුවෙන් ක්ලාන්තව වනයේ වැටී සිටි බව කියයි. පසුව අදාළ සැකකරු එළුවන්කුලම පිහිටි ඔහුගේ නිවසට රැගෙන ඒමේන් පසුව පුත්තලම මුලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි.එළුවන්කුලම වනජීවී නිලධාර්ක් පවසා සිටියේ මේ පිළිබඳ පුත්තලම දිසා අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි.වනාතවිල්ලුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ