ගුවන්ගමනට කල් තිබෙන නිසා පෝරුතොට පලගතුරේ ප්‍රදේශයේ මුහුදේ නෑමට ගිය එකම පවුලක දරුවන් තිදෙනකු ඉකුත් 6 වැනිදා සිකුරාදා සවස සැඩ පහරකට
අසුව ගසාගෙන යාමෙන් පුත්‍රයා මියගොස් දියණියන් දෙදෙනා අසාධ්‍ය තත්වයන් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇතැයි කොච්චිකඩේ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ බමුණාවල කුරුණෑගල මිගමුව පාර අංක 371/-3 යන ලිපිනයේ පදිංචිව සිටි සපිත් මොහමඩ් සල්යන් 14 නමැති දරුවෙකි.
සැඩ පහරට අසුන ගසාගෙන ගිය දියණියන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර එක් දියණියක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

පිරිමි දරුවාගේ සිරුර ඒ අස්ථාවේ සොයා ගැනීමට නොහැකි වී ඇති අතර එම සිරුර පෙරේදා (7) උදේ රළ තීරයට ගසාගෙන ඒමෙන් පසුව කොච්චිකඩේ පොලිසිය මගින් මිගමුව රෝහලට ගෙන එනු ලැබිය.  අනතුරට පත් දරුවන් තිදෙනාගේ වැඩිමහල් සොහොයුරියක හා මස්සිනා විදේශ ගමනක යෙදිමට නියමිතව තිබී ඇති අතර ඔවුන් කැඳවාගෙන පියා ඇතුළු පිරිසක් 5 සිකුරාදා පස්වරුවේ කටුනායක බලා පැමිණ ඇත්තේ පස්වරු 3.00ට ගුවන්ගමන ඇති බැවි සලකාය. නමුත් ගුවන්ගමන යෙදි ඇත්තේ පසුදා පාන්දර 3.00ට බව දැන ගැනීමේන් පසු මෙම පිරිස පලගතු ප්‍රදේශයට පැමිණ මුහුදේ නාමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇතැයි මූලික පොලිස් පරීක්ෂන්ත්‍රණවලදී හෙළිවී ඇත.

මේ හේතුවෙන් විදේශ ගමන ද අවලංගු කරන්නට එම යුවළ පියවර ගත් අතර මියගිය දරුවාගේ මරණ පරීක්ෂණය බෙම්මුල්ල කොට්ඨාශයේ හදිසි මරණ පරීක්ෂක හා මිගමුව වැඩබලන හදිසි මරණ පරීක චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ පෙරේදා 7 දහවල් මිගමුව රෝහලේ පවත්වනු ලැබීය.

-පුෂ්පකුමාර මල්ලවආරච්චි-