ඉදිරීයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී කිසිදු භික්ෂූන් වහන්සේ නමකට අපේක්‍ෂකත්වය ලබානොදෙන ලෙස ත්‍රෛනිකායට අයත් ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පිරිසක් දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමට තීරණය
කර ඇතැයි  වාර්තා වෙයි. මෙහි පළමු පියවර ලෙස අදාළ ඉල්ලීම් පිළිබඳව මෙම ජ්‍යෙෂ්ඨ හික්ෂූන් වහන්සේලා පිරිස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මූලික දැනුම් දීමක් වශයෙන් දැනුම් දී ඇති බවද පුවත්පතට වාර්ථා වේ. භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන්, පළාත් සභා හෝ පළාත් පාලන ආයතන සභිකයන් ලෙස කටයුතු කිරීමෙන් බුද්ධශාසනයට හානියක් සිදුවන බවත්, භික්ෂූන්වහන්සේලා අනුශාසකයන් ලෙස කටයුතු කළ යුතු බැවින් මන්ත්‍රී ධුර දැරීමෙන් එයට බාධාවක් වන බවත් එම ජේෂ්ඨ භික්‍ෂූන්වහන්සේලා පිරිස අගමැතිවරයාට දැනුම්දී ඇත. එසේම භික්ෂූන්වහන්සේලා අතීතයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමේ ලද අත්දැකීම් සහ සිදු වූ සිදුවීමි ආදිය විමසිල්ලට ගෙන ඉදිරියේදී කිසිදු භික්ෂුන්වහන්සේ නමකට මන්ත්‍රීධුර සදහා අපේකත්වය ලබා නොදෙන ලෙසද උන්වහන්සේලා ඉල්ලීමක් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පිරිස සිදුකළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකරන බවට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී එම භික්ෂූන් වහස්ලාට දැනුම්දී  ඇතැයිද වාර්තාවේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් ත්‍රෛ නිකායික භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමක් ලෙස ජනාධිපතිවරයාට යොමුකිරීමට බලාපොරොත්තුවන බවද එම භික්ෂූන් වහන්සේලාගේ පිරිස අගමැතිවරයාට දැනුම්දී ඇති බවටද වැඩිදුරටත් කරුණු අනාවරණය වේ.එමෙන්ම ඉදිරී පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ සම්බන්ධයෙන් සියලූම පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීම් කිරීමට එම ජ්‍යෙෂ්ඨ භික්ෂුන්වහන්සේලා පිරිස බලාපොරොත්තු වන බවද වාර්තාවේ.


චාමර සම්පත්