https://www.gossiplankanews.com/2019/12/british-couple-ella-robbery.html#more
ල්ල ප්‍රදේශයේ සිට කතරගම තෙක්‌ බ්‍රිතාන්‍ය ජාතික සංචාරක යුවළක්‌ ප්‍රවාහනය කරමින් සිටි කුලී රථයක රියදුරෙකු එම යුවළ මහ මග දමා, ඔවුන් සතු දේපොළ ද රැගෙන පලායැමේ පුවතක්‌ වීරවිල පොලිසියෙන් වාර්තාවී තිබේ.
පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකවින් මෙසේය. එම යුවළ
ලංකාවේ සංචාරය සඳහා

පැමිණ ඇල්ල ප්‍රදේශයේ හෝටලයක නතරවී සිට ඇත. එහි සිට කතරගම යැමට කුලී මෝටර් රථයකින් පැමිණ තිබේ. වීරවිල වැව් කණ්‌ඩිය මතදී කාර්මික දෝෂයකට ලක්‌ව මෝටර් රථය නතර වී තිබේ. එය පණ ගැන්වීමට රියදුරා ගත් උත්සාහය අසාර්ථක විය. එවිට රියදුරා එම යුවළට පවසා ඇත්තේ රථයෙන් බැස එය ඉදිරියට තල්ලු කරන ලෙසයි. රියදුරා කී පරිදි බිමට බැස රථය තල්ලු කරන විට එය පණ ගැන්වී ඇත. බිම සිටි යුවළ යළි රථයට නංවානොගෙන ඔවුන් එහි දමා රියදුරා රථය නොනවත්වා පලා ගොස්‌ තිබේ. රථය තුළ එම යුවලට අයත් රු.දශලක්‍ෂයකට අධික වටිනා මුදල් හා දේපොළ තිබී ඇත.

සංචාරක යුවළ මේ පිළිබඳ වීරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර මෙතෙක්‌ රියෑදුරා හෝ රථය අත්අඩංගුවට ගෙන නැත. මෝටර් රථයේ කාර්මික දෝෂය, මෙම මංකොල්ල කෑම සිදුකිරීම සඳහා රියදුරා විසින් හිතා මතා ව්‍යාජ ලෙස කරන ලද රංගනයක්‌ දැයි පොලිසිය සැක කරයි.
පරීක්ෂණ තවදුරටත් සිදුවේ.

අම්බලන්තොට  - එස්‌. සෝමසිරි