අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ  පවුල් දෙසීයක පුද්ගලයින්  අටසියක්   පමණ අද (01) දින වනවිට  බලපෑමට ලක්වි ඇතැයි ද  නායයෑම් අවදානම නිසා පවුල් 77ක් පදිංචි ස්ථානවලින් ඉවත්කර
කඳවුරු තුනක රඳවා ඇත.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම් එල්.  උදයකුමාර මහතා පවසා සිටියේ  මහකන්ද සුරක්ෂිත මධ්‍යස්ථානය පවුල් 28ක් ලුණුගල  ගල් විල්ල  දෙමළ විදුහලේ පවුල් 32 හාලිඇළ  මොරගොල්ල විදුහලේ පවුල් 17 ක්ද   වශයෙන් තාවකාලික කඳවුරු තුනක රඳවා ඇති බවයි.

අධික වැසි සමග  නායයාමේ අවදානම පස් කණ්ඩි කඩා වැටීම  පොළොව ගිලා බැසීම් යන හේතු මගින්  ඇතිවූ බලපෑම් නිසා මෙසේ කඳවුරු පිහිටුවා තිබෙන බවද සහකාර අධ්‍යක්ෂවරයා  වැඩිදුරටත්  සඳහන් කළේය .

හල්දුම්මුල්ල - සමන් පාලිත