මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික වියළි මිරිස් ටොන් 14ක් පිටකොටුව පරණ ගයාන් වීදියේ තොග වෙළඳසලක තිබියදි කොළඹ මහනගර සභාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ අත්අඩංගුවට පත්ව තියයි.
විදේශ රටකින් ආනයනය

කරන ලද එම වියළි මිරිස් තොගය මාසයක පමණ කාලයක් රේගු ගබඩාවක ගබඩාකර තිබී ඇති අතර ඉකුත්දා පැවැති වර්ෂාව හේතුවෙන් එම මිරිස් තොගය නරක්වී පුස් බැඳී තිබූ බව ද වැටලීම සිදුකළ නිලධාරිහු කියති.

කොළඹ මහනගර සභාවේ දිසා අංක 2 - ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එම වැටලීම කරන ලද අවස්ථාව වනවිට වියළි මිරිස් තොගය ආනයනය කළ ආයතනය ඉදිරිපිට ක කන්ටේනරයක බහා තිබූ බව ද පසුව ඒවා ආයතනයටම අයත් ගබඩාවක ගබඩාකර සීල් තැබූ බව ද ඔවුහු කියති. රසපරීක්‍ෂක වාර්තා කැඳවා ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතය.



-රංජන් කස්තුරි-