https://www.gossiplankanews.com/2019/12/arthur-senanayake-or-prabath-nanayakkara.html
නුරාධපුර රුවන්වැලිසෑයේ චූඩාමානික්‍යය තැන්පත් කිරීම පසුගියදා උත්සවාකාරයෙන් සිදුවෙද්දී ඒ වෙනුවෙන් සම්පූර්ණ බරපැන දැරූ පුද්ගලයා ගැන නිවැරදි නොවන ආරංචි සමාජ මාධ්‍ය තුළ පැතිර ගොස් තිබුණි. ඇතැම් තැනක සඳහන් කර තිබුනේ ලංකාවේ ප්‍රකට ධනපති ව්‍යාපාරිකයකු වන ආතර් සේනානායක මෙයට අන්‍රග්‍රහය දක්වා තිබූ බවකි. ලංකාවට වෝල්වෝ, පොෂේ වාහන ගෙන්වන හෙලිකොප්ටර අලෙවි කරුවෙකුද වන
සම්පත් බැංකුවේ හා සෙල්ටෙල් සමාගමේ ආරම්භක ප්‍රධානියෙකු වන අයිඩබ්ලිව්එස් සමූහයේ අධ්‍යක්ෂ ආතර් සේනානායක මහතා මෙබදු පින්කම් වලට මින් ඉහත දායකවූවෙකු වන නමුත් රුවන්වැලි සෑයේ මේ පින්කමට ඔහු දායකවී නැත.

මින් ඉහත 2013 දී මිහින්තලා සෑයේ චූඩා මාණික්‍යයටත් 2016 සෙල්ල කතරගම කරිවිලේ වතුරුවා  සෑයේ චූඩා මාණික්‍යය වෙනුවෙනුත් ආතර් සේනානායක මහතා දායකවූ බව ඇත්තකි. අකාලයේ ඩෙංගු රෝගයෙන් මියගිය ඔහුගේ පුතු වෙනුවෙන් එම පින්කම්  සිදු කර තිබුණි.

නමුත් මෙවර කාගේත් කතාබහට ලක්වූ රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය නිර්මාණය කොට සම්පූර්ණ බරපැන දරමින් ඒ වෙනුවෙන් දායක වූයේ විශ්ව පාරමී බෞද්ධ සමිතිය පවත්වා යන ප්‍රභාත් නානායක්කාර මහතාය.

නම් ගම් ප්‍රසිද්ධ කර වෙනම ඒ තුළින් ප්‍රතිරූපයක් මවාගන්නට අවශ්‍ය නැති නිසා ඔහු මේ වෙනුවෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රචාරණයට උනන්දුවක් දක්වා තිබුනේ නැත.

නමුත් දිගින් දිගටම නොදන්නා පුද්ගලයින්ගේ වැරදි ප්‍රචාරයකට මෙම කාරණාව ලක්වීම නිසා මේ ගැන පැහැදිලි කිරීමට රුවන්වැලි සෑයේ විහාරාධිපති පල්ලෙගම හේමරතන ස්වාමීන් වහන්සේට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නටද සිදුව තිබේ.
මේ සමග එය පළවේ.