දිවයින පුරා පිහිටි ජාතික පාසල් 383න් 274කටම විදුහල්පතිවරුන් නැතැයි අධ්‍යපන, ක්‍රීඩා සහ තරුණ කටයුතු
ඇමැති ඩලස්
අලහප්පෙරුම මහතා  පැවැසීය. පළමු පන්තියේ ජාතික පාසල් 54ක් තිබෙන බව කී ඇමැති අලහප්පෙරුම මහතා, එයින් ද 40කටම විදුහල්පතිවරුන් නැති බව කීවේය. අවුරුදු එක හමාරකට වැඩි කාලයක් තිස්සේ පවතින මෙම පුරප්පාඩු නිසා පාසල්වල පරිපාලන කටයුතුවලට බාධා පැමිණ ඇතැයි කී ඇමැතිවරයා ඇතැම් ජාතික පාසල්වල අවුරුදු දෙක හමාරක් තිස්සේ විදුහල්පතිවරුන් නැතැයි පැවැසීය.

ජාතික පාසල්වල පවතින පුරප්පාඩුවලින් සියයට 50ක් පමණ ලබන ජනවාරි මාසය තුළදි පිරවීමට කටයුතු කරන බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් දැනටමත් සකස් කර ඇති බවත් ඔහු කීවේය.


-අජන්ත කුමාර අගලකඩ-