ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග ඇති කර ගත් ගිවිසුමේ කුමක් සඳහන් වුවද, ඉදිරි මැතිවරණය තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බවත්, ජනතාව ඉල්ලන ජයග්‍රාහී ලකුණ පොහොට්ටුව බැවින් මේ
සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කඩවත, කැනෝලා උත්සව  ශාලාවේදී පෙරේදා (30දා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහර ආසන බලමණ්ඩලයේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා,
"ගෝඨාභය රාජපක්‍ෂ මහතා
මේ රටේ ජනාධිපති ලෙස බහුතර ජනතාවගේ | කැමැත්තෙන් පත්වුණා. අපි අලුත් ආණ්ඩුවක් පත් කරගත්තා. නමුත් අපට බහුතරය නෑ. බහුතරය නැතත් අපි අපේ

ආණ්ඩුවට අන්තවාදීන්ගේ සහාය ගන්නේ
අපි ලැබූ ජයග්‍රහණයේ තිරය පිටුපස මෙහෙයුම්කරුවා බැසිල් රාජපක්ෂ මහතායි. 2015 ජනාධිපතිවරණ පරාජයේදී එහි වගකීම බාරගන්න කිසිවෙකු සිටියේ නෑ. ඒ වගකීම බාරගත්තේ බැසිල් රාජපක්‍ෂ මහතායි. ඔහු එදා රටින් පිටව ගියාම හැමෝම ඔහුට බැන්නා. නමුත් එතුමා නැවත ලංකාවට ඇවිදින් අපට කීවේ මම නැවත මහින්ද මහත්තයව රටේ නායකයා කරවන බවයි. පොහොට්ටු පක්‍ෂය හදමින් ඒ සදහා බැසිල් රාජපක්‍ෂ මහතා කළ මෙහෙය අපට කිසිසේත් අමතක කරන්න බෑ.

මේ ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලයෙන්ම රටේ ජනතාවට සහන රැසක් ලබාදුන්නා. පසුගිය ආණ්ඩුව ජනතාව මත පටවා තිබුණු අධික බදු බර ඉවත් කරන්න කටයුතු කළා.
සමහරු කිව්වේ මේ බදු කවදාවත් ඉවත් කරන්න බෑ කියලයි.
ආණ්ඩුව බලාගෙන ඉන්නවා මේ ලබාදුන් බදු සහනවල වාසිය ජනතාවට සෘජුවම ලැබෙනවාද කියලා.

කවුරු හරි ඒවාට බාධා කරනවා නම්, ඒ අය ගැනත් අපි නිසි පියවර ගන්නවා. ලබන පෙබරවාරි මාසයේදී අපි අනිවාර්යයෙන්ම ආණ්ඩුව විසුරුවනවා.

ඉන්පසු පැවැත්වෙන මහා මැතිවරණයේදී අපි තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් හදනවා,  ඒ ආණ්ඩුව අපි හදන්නේ
පොහොට්ටුවෙන්.

ශ්‍රී.ල.නි.ප.ය සමග අප එළඹි ගිවිසුම මොකක් වුණත් අපි ඉදිරීයේ එන සියලු මැතිවරණ තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් බව මගේ පෞද්ගලික විශ්වාසයයි.

අපි ඒ ගැන අපේ නායකයා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන් පවසා සිටියේය.

නවෝද්‍යා පවණි