https://www.gossiplankanews.com/2019/12/10-white-van-press-rajith.html
නපතිවරණ ප්‍රචාරණ සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධියක් සම්බන්ධයෙන් අනාවරණය කළ සැකකරුවන් දෙදෙනා හෙළි කර තිබෙන කරුණු අනුව මේ වනවිට එම සාකච්ඡාව බොහෝ දෙනෙකු අනුමාන කළ ආකාරයටම නාටකීය රඟදැක්වීමක් බව
පොලිසිය සොයාගෙන තිබෙයි.
කොටහේන පදිංචි ඩබ්ලිව්.ජී. අතුල සංජීව මදනායක (46) සහ  අම්පාර පදිංචි එස්.ඩබ්ලිව්.ඒ. සරත් කුමාර (45) යන දෙදෙනා මෙම මාධ්‍ය හමුවට ඉදිරිපත් වීමට කැමති විමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින්  දුන් බවට ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු තමන් දෙදෙනාට ඇමරිකාවෙන් ගෙවල් දෙකක් ලබාදෙන බවට ද පොරොන්දුවක් ලබාදී ඇතැයි ඔවුන් කට උත්තර ලබාදී ඇත.
මෙම සිද්ධියේ පළමු වැනි සැකකරු වූ මදනායක නමැත්තා කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ කුලී නිවෙසක

රුපියල් 6,000ක මුදලක් ගෙවමින් ජීවත් වී ඇති අතර මංකොල්ලකෑමේ සිද්ධියකට අදාළ කොළඹ මහාධිකරණය මගින් ලබාදී තිබූ වසර හයක සිරදඬුවමක් විඳීමෙන් පසු නිදහස් වී පැමිණි අයෙකි. එම මංකොල්ලය වූයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රුපියල් ලක්‍ෂ 65ක රත්රන් මංකොල්ල කෑමේ සිද්ධියකි.
ඒ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ වරදකරු වූ මෙම පුද්ගලයාට වසර හයක බරපතළ වැඩ සහිත සිරදඩුවමකට අමතරව රුපියල් 10,000ක දඩයක්ද අධිකරණයෙන් නියම කර තිබිණ. මෙම සැකකරුවන් දෙදෙනා මිනීමැරුම් චෝදනාවක් ලැබුවන් මෙන්ම අධිකරණයකින් වරෙන්තු නිකුත්වී ඇති අයවලුන් බවද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පැහැරගෙන යාම, මංකොල්ල කෑම, වදහිංසා පැමිණවීම යන චෝදනා මත ඉකුත් 13 වැනිදා රාත්‍රි 7.45 පමණ කඩවත මහර ප්‍රදේශයේ හෝටලයකදී මෙම සැකකරුවෝ දෙදෙනා
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. පසුව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ අනුමැතියෙන් පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණි.
ඔවුන් දෙදෙන පැය 72ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.