රජයේ විධායක නිලධාරින්ට ලබන ජනවාරි පළමුවැනිදා සිට රුපියල් 15,000ක විශේෂ දීමනාවක් ලබාදීමට
තීරණය කර තිබෙන බව
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සුනා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා ඊයේ (8) පැවැසීය. මීට අදාළ චක‍්‍රලේඛය ලබන සතියේදී නිකුත් කරන බව ද ලේකම්වරයා කීය.

රුපියල් 15,000 දිමනාව ලබාදෙන ලෙස ඉල්ලමින් විධායක නිලධාරීන් පසුගිය රජය සමයේදි අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වූ අතර ඒ සම්බන්ධයෙන් සලකා බැලූ එම රජය විධායක නිලධාරින්ට මෙම දිමනාව ලබාදීම සදහා කැබිනට් අනුමැතිය ද ලබාගෙන තිබිණ. ඒ අනුව රජයේ විධායක නිලධාරින් සඳහා  රුපියල් පහළොස් දහසක දීමනාව ලබාදීමට නීරණය කළ බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේය.

-නාලක සංජීව දහානායක-