https://www.gossiplankanews.com/2019/11/wasantha-senanayake-gotabaya.html
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් පොළොන්නරුවේ පැවැති ජන රැළියට ඊයේ සහභාගී වී ඇත.පොළොන්නරුව, මෛත්‍රී ක්‍රිඩාංගනයේ දී මෙම රැළිය පැවැත්වෙන අතර
ගෝඨාභය රාජපක්ෂ කථාකරමින් සිටියදී එය අතරමග නතර කරවා
වසන්ත සේනානායක මහතා ජනතාවගේ කර මතින් පැමිණ  වේදිකාවට ගොඩවී සිය සහය පළ කළේය.
ඔහු එසේ වේදිකාවට ගොඩවේ යයි

ගෝඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාවේ අපේක්ෂා නොකළ බවක් දිස්වූයේ වසන්ත පැමිණෙන්නට සූදානම් වෙද්දී ඇයි එයා මේ වෙලාවෙ වේදිකාවට එන්නේ ලෙස විමසූ බව වීඩියෝ තුළ පටිගත වී තිබීමෙනි..
කෙසේ හෝ හතර පස්දෙනෙකු ඔහු ඔසවාගෙන සෙනග අතරින් වේදිකාවට පැමිණි අතර ඔහු කොළ පැහැති තොප්පියක් හිසේ පැළඳ සිටීමද විශේෂ විය.

වේදිකාවට පැමිණ ගෝඨාභය බදාගෙන සිටි ඔහු පසුව මල් පොහොට්ටු කිහිපයක් ගෝඨාභයට පිරිනමනු ලැබුවේය. ජනතාවට අතවනා ආචාර කළේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කළේය.

වසන්ත සේනානායක වරෙක එජාපයේත් වරෙක සන්ධානයේත් පෙනී සිටිමින් අඩුම කාලයක් තුළ වැඩිම හුවමාරු වාර්තා කළ මන්ත්‍රීවරයා ලෙස වාර්තා තැබූ අයෙකි. එසේ පක්ෂ මාරු කරන අවස්ථා සෑම එකකදීම ඔහුටම අනන්‍ය හේතු දැක්වීමක් පැවතීමත් විශේෂිතය.
ඔහු වේදිකාවට පැමිණි අවස්ථාවේ වීඩියෝව පහත පරිදිය.