ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් කළ ඇප ඉල්ලීම කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ ධම්මික ගනේපොල,
ආදිත්‍ය පටබැඳි සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල විසින්ය.

එමෙන්ම, නඩුව යළි දෙසැම්බර් මස 03 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදිනට නිශ්ශංක සේනාධිපති අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරනු ලැබුවා.

නීත්‍යානුකූල නොවන අන්දමින් එම්.වී. ඇවන්ගාඩ් නෞකාවේ ස්වයංක්‍රීය ගිනි අවි සහ ජීව උණ්ඩ ගබඩා කර තබා ගැනීම ඇතුළු අධිචෝදනා 7573 ක් යටතේ පවරා ඇති නඩුවේ 07 වන විත්තිකරු ලෙසයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ.