දෙසැම්බර් මස පළමුවැනිදා සිට බදු වර්ග ගණනාවක්
අඩු කර ඇතත් වාහන වල මිල
ගණන් වෙනස් වීමක් සිදු නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් ප‍්‍රසාද් කුලතුංග මහතා සඳහන් කරන්නේ වාහන සඳහා පනවා ඇති බදුවල වෙනසක් සිදුවී නොමැති බවයි.

ගතවූ කාලය තුළ වූ වාහන සඳහා පැනවූ විවිධ බදු නිසා ඉහළ ගිය වාහන මිල ඒ ආකාරයෙන්ම පවතින බවද ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් වාහන මිලදී ගැනීම දී මිල අඩුවීමක් ගැන බලාපොරොත්තු තබා නොගන්නැයි ද ඔහු ඉල්ලා සිටි.