කලාපයේ ඉහළ විදුලි ගාස්තු සහිත රටක් ලෙස අප රට පත්ව ඇති බැවින් විදෙස් ආයෝජකයන් මෙහි ආයෝජනය කිරීම අවම වී ඇති බවත් එහෙයින් විදුලි ගාස්තු අවම කිරීමට කටයුතු කළ යුතු බවත් එහි ප‍්‍රධාන කළමනාකරු විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.


 ලංවිම යනු රටේ ප‍්‍රධාන ආයතනයක් සේම රටට විශාල බලපෑමක් කළ හැකි ආයතනයක් බවත් එම ආයතනය වගේම රට ගොඩගන්න නම් වංචාව, දූෂණය පිටුදැක විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසීය.

 ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා (25 වැනිදා)
එම අදහස් පළකළේ ලංකා විදුලිබල මණ්ඩල ප‍්‍රධාන කාර්යාලයේ සිදුකළ නිරීක්‍ෂණ චාරිකාවකදීය.

 මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් හමුවී මණ්ඩලයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡුා කළ ඇමැතිවරයා ඔවුන් අමතමින් වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

 ‘‘ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ මේ රටේ ඉතාමත් වැදගත් ආයතනයක්. ඒ වගේම රටට විශාල බලපෑමක් කළ හැකි ආයතනයක්. ඒ නිසා අපි මෙම ආයතනය රැකගැනීමට කටයුතු කළ යුතුයි. මේ වන විට රටේ ජනතාව අතර මතයක් පවතිනවා මෙම ආයතනය තුළ අක‍්‍රමිකතා සහ දූෂණ පවතින බවට. ඒ ප‍්‍රචාරයන්ගේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත්, ආයතනය රැක ගැනීමට අපි ක‍්‍රියාත්මක විය යුතුයි. වෙනත් ආයතනවල වෘත්තීය සමිති සමග සාකච්ඡුා පැවැත්වීම තරමක් අසීරුයි. නමුත් මෙම ආයතනයේ වෘත්තීය සමිති විසින් රටේ, මෙන්ම ආයතනයේ පැවැත්මට අදාළ වැදගත් කරුණු රාශියක් මට ඉදිරිපත් කළා. මම තවදුරටත් සේවක පිරිස් වෙතින් ඉල්ලා සිටින්නේ ආයතනය රැකගන්න හැකි ආකාරයේ යෝජනාවන් මෙන්ම දූෂණ අක‍්‍රමිකතා තිබෙනවා නම් ඒවා පිටුදකින්න, අවම කරගන්න හැකි ක‍්‍රමවේදයන් තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න කියලයි. ලංවිම අක‍්‍රිය වුණොත්, මුළු රටම අක‍්‍රීය වේවි. අන්න ඒ තත්ත්වය අවබෝධ කරගෙන අපි කටයුතු කළ යුතුයි.

 කලාපයේ වැඩිම විදුලි බිලක් සහිත රටවල් අතරට අද අපේ රට එකතු වෙලා සිටින්නේ. ඒ නිසා විදේශ ආයෝජන විශාල වශයෙන් අවම වෙලා තිබෙනවා. ඒ තත්ත්වය
මත විදුලි බිල අවම කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. ඔබ වෙනුවෙන් ඔබේ ආයතනයේ උන්නතිය වෙනුවෙන් මම ඕනෑම වෙලාවක කැප වෙලා සිටිනවා. ඒ නිසා ඕනෑම ගැටලූවක් තිබෙනවා නම් ඕනෑම වෙලාවක ඒ පිළිබඳව මාව දැනුවත් කරන්න. විශාල ප‍්‍රශ්න සහිත අමාත්‍යාංශවල තමයි මම මීට පෙර කටයුතු කළේ. නමුත් කිසිම ආරවුලක් සිදුවුණේ නැහැ. මේ අමාත්‍යාංශයත් ඒ ආකාරයෙන් සාර්ථකව කරගෙන යන්න මම ඔබලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

 නව ජනාධිපතිතුමා නව ආකාරයෙන් සිතා කටයුතු කරන කෙනෙක්. එතුමා පූර්ණ කැපකිරීමක් තුළින් තමයි රට ඉදිරියට ගෙනයන්න හදන්නේ. එතුමා සියලූ වියදම් අවම කරලා, නාස්තිය පිටුදැකලා තමයි පාලන කටයුතු මෙහෙයවන්න සැලසුම් කරන්නේ. ඒ ආකාරයෙන්ම තමයි අපිටත් කටයුතු කරන්න සිදුවෙන්නේ. එහෙම නොවුණොත් රට ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වෙන බව පැහැදිලියි. මේ තත්ත්වයෙන් රට ගොඩගන්න ජනාධිපතිතුමාට, අගමැතිතුමාට වගේම අමාත්‍ය මණ්ඩලයට පමණක් බැහැ. සෑම කෙනෙක්ම දැඩි කැපවීමකින්, රට වෙනුවෙන් කටයුතු කිරීමෙන් තමයි අපිට මේ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ගොඩ එන්න එැකි වන්නේ. ආයතනය වගේම රට ගොඩගන්න නම් වංචාව, දූෂණය පිටුදැකලා, ඊට එරෙහිව අවශ්‍ය පියවර අනුගමනය කරමින් වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කළ යුතුයි.ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන්ට ජීවත්වීම සඳහා ස්විට්සර්ලන්ත රජය  මගින් සුඛෝපභෝගී නිවසක් ද ලබාදී ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

 සිරිමන්ත රත්නසේකර