කොළඹ මහ නගර සභාව විසුරුවාහැර  විශේෂ කොමසාරිස්වරයකු යටතට පත්කරන බවට විවිධ පාර්ශව විසින් ගෙනයනු ලබන කටකතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද ප්‍රජාතන්ත්‍රවාදය  ගරුකරන ජනපති - අගමැති දෙපළ
කොළඹ නගර අලංකරණය සඳහා ගෙනයන වැඩපිළිවෙළ අගය කරන බවද, නගරාධිපතිනි රෝසි සේනානායක  මහත්මිය ඊයේ (28) පැවැසුවාය.

පොලිස් පරිසර කොට්ඨාසය ශක්තිමත් කර නගරය පිරිසුදුව තබාගැනීමට එම නායකයින් දෙදෙනා ලබාදෙන සහාය අතිමහන් බවද,
පසුගිය කාලය තුළ පරිසර පොලිසිය ඊට සහායක් නොදැක්වීම පිළිබඳව කනගාටුවන බවද ඇය කීවාය. නගරාධිපතිනිය ලෙස නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ පලිගැනීමෙන් තොර දූරදර්ශී නායකත්වය තුළින් රට නිවැරදි මගට ගෙනඒමට දරන උත්සාහයට ශුභාශිංසන පිරිනන බවද ඇය සඳහන් කළාය.

ශ්‍රීලපොපෙ හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සභාවේදී ලබාදෙන සහයෝහය එම නායකත්වයට පුර්වාදර්ශ සැපයිම නව
දේශපාලන සංස්කෘතියක ආරම්භයක්  ලෙස දකින බවද ඇතැමුන් ජරාජීර්ණ දේශපාලනයක් තුළින් සභාව වැට්ටවිමට ක්‍රියා කළද, නව නායක දෙපළට තම සහාය නොඅඩුව ලබාදීමට ක්‍රියාකරන බවද ඇය පෙන්වා දුන්නාය.  නගරාධිපතිනිය මෙම අදහස් පළ කළේ ඊයේ (28) පැවති නගර සභාවේ මාසික රැස්විමේදීය.

-ජයන්ත සමරකොන්-