https://www.gossiplankanews.com/2019/11/unp-issue.html
ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කාලයක් තිස්සේ පැවති අර්බුුදය මෙවර ජනපතිවරණ පරාජය සමග නැවත අලුත් මුහුණුවරකින් තීරණාත්මක ලෙස ඉස්මතුවී තිබේ.
ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබාදීම පමාවීම පවා සිදුවූයේ
මෙම අර්බුදය නිසාවූ අතර මේ නිසාම සජිත්ට අපේක්ෂකත්වය ලබාදුන්නේ පල නොකියා පලාබෙදීමට බවද ඇතැම් තැනක වාර්තා විය.
ජනපතිවරණයෙන් පසු එළියට ආ කොන්දේසි ලියවිල්ලකින් පැවසුනේ සජිත්ව අපේක්ෂක කමේ දරන්නට පෙර රනිල් ඇති කරගත් පොරොන්දු කිහිපයකි. එහි දක්වා තිබූ ආකාරයට සජිත් යටතේ වෙනත් අගමැතිවරයෙකු පත්කිරීමට ඉඩක් නැතිවා සේම සජිත් යටතේ නව පාර්ලිමේන්තුවකින් ඉක්මනින් කරවා ගත යුතු යයි දක්වා තිබුනේ 20 වන සශෝධනයකින් රනිල්ට වැඩි බලතල ලබාගන්නා විධායක අගමැති සිටින ආණ්ඩුවක් හැදීමය.
නායක

රනිල් සජිත් ජයග්‍රහණය නොකරන බව කල් ඇතිව දැන සිටි බවත් ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර තමා ඉදිරියටත් අගමැතිම වන බව පැවසීමෙන් සජිත්ට බලපෑම් කළ බවත් පැවසිණි.
රනිල් වික්‍රමසිංහගේ සොයුරා පවා සිය නාලිකාව එජාපයේ ජය වෙනුවෙන් මෙහෙයවා තිබුනේ නැත.
මේ අතර සජිත්ට අපේක්ෂකත්වය දුන්නේ 'හා ඉල්ලං කාලා පැත්තකට වෙයන්' යන අදහසින් බවටද විවේචන පවතී.
සජිත්ගේ පරාජය සමරා එජාප ප‍්‍රබලයකුගේ බත්තරමුල්ලේ නිවසක සාදයක් පැවති බවටද මේ අතර වාර්තා පළව තිබේ මීළඟ නායකත්වයට පත් වීමට සූදානමින් සිටින නවීන් දිසානායක මෙම සාදයට සහභාගී වී ඇති බවත් වාර්තා පළව තිබේ.
නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් වී මීළඟ මහ මැතිවරණය මෙහෙයවීමට කරූ ජයසූරිය මහතා හෝ වෙනත් පුද්ගලයෙකු තාවකාලික නායකත්වයට පත් කරන බව මේ අනුව දැනගන්නට ලැබෙන අතර  මැතිවරණයෙන් පසු පක්ෂයේ නායකත්වයට කරුගේ බෑණාද වන නවීන් පත්කරනු ඇතැයි අභ්‍යන්තර ආරංචි වාර්තා කර තිබේ.
සජිත්ගේ පිලට එරෙහි රනිල්ගේ පිල එජාපය තුළ සජිත් යටතේ තමන්ට පැවැත්මක් ඇතැයි විශ්වාස නොකරන නිසා නවීන් ඒ සදහා කැඳවා ඇතැයි වාර්තා පළවන අතර සජිත් නවීන් අතර ඉදිරියේදී බල අර්බුදයක සලකුනු ඒ අනුව ඉස්මතුවේ.
මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කිරීමෙන් පලක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා

පවසා තිබුණි.
මැතිවරණයේ දී තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලු මැති ඇමතිවරු මෙන්ම ප්‍රාදේශීය නායක නායිකාවන් වැඩ කළ බවත් කිසිවෙකුට එයට ඇඟිල්ල දික් කර නොහැකි බවත් පැවසු මන්ත්‍රීවරයා, සිරිකොත මුලස්ථානයේ සිටින සියලු දෙනා දිවා රෑ නොබලා වෙහෙසු බවත් කියා සිටියේය.
 “ජයග්‍රහණයට පියවරු ගොඩයි-පරාජය අවජාතකයි“ යනුවෙන් ද ඔහු පැවසීය. පක්ෂයේ අර්බුදය නිසා දෙකඩ වීම වැළැක්වීමට රනිල් පක්ෂයෙන් ඉවත්වන්නට සූදානම් බවට අකිල මෙහිදී ඉගි සැපයුවේය.

එක්සත් ජාතික පෙරමුණ රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුව සිටි මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මහත්වරැන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි පසුගිය සතිඅන්ත පුවත්පතක් මේ අතර වාර්තා කර තිබුණි.
පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රබල චරිත දෙකක් වූ මංගල සහ මලික් අමාත්‍යවරු දෙදෙනා මැතිවරණ පරාජයත් සමඟ මුලින්ම තනතුරුවලින් ඉවත්වූහ. එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම්වලට පවා නොපැමිණි මොවුන්ගෙන් මංගල සමරවීර මහතා පසුගිය කාලයේ බුදු දහම ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ එ.ජා.ප. මන්ත්‍රීන් අතර දැඩි විවේචනයටද ලක්විය.

මලික් සමරවික්‍රම මහතා අමාත්‍ය ධුරයෙන් සමුගෙන පූර්ණකාලීනව ව්‍යාපාර කටයුතු සඳහා යොමුවන බවත් මංගල සමරවීර මහතා දකුණු ඇමෙරිකානු රටක පදිංචියට යාමට ඉඩ ඇති බවත් නිල නොවන ආරංචි මාර්ග උපුටමින් එම පුවත්පත වාර්තා කර තිබේ.