හම්බන්තොට වරාය 99 අවුරුද්දකට විනයට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක් යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. ඉන්දියාවේ ප්‍රකට අරක්ෂක වීශ්ලේෂකයකු වන නිතින් ඒ, ගෝකලේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කර තිබේ.

අදාළ ගිවිසුම ගැන සාකච්ඡා කළ යුතු යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.
නිනින් ඒ. ගෝකලේ මහනා හවායිහි ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ ආදි විද්‍යාර්ථියෙක්, මාධ්‍යවේදියෙක්, ව්‍යවසායකයෙත් හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ රචකයෙක් සහ උපායමාර්ගික කටයුතු පිළිබඳ විශ්ලේෂකයෙක් ද වේ. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පවසා ඇත.

"චීනය අපේ හොඳ මිත්‍රයෙක්. ඒ වගේම සංවර්ධනය සඳහා අපට චිනයේ සහාය අවශ්‍යයි. එහෙත් හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරඳක්.
ඒ ගැන කියන්න මං බිය වෙන්නේ නැහැ. ඒ වගේම ඒ පිළිබඳ නැවත සාකච්ඡා කර අපව සහාය වන නව ගිවිසුමකට එමු යැයි මා යෝජනා කරනවා, මිනිස්සු ඒ ගැන ගිවිසුම ගැන සිතට නැහැ. අපිට අවුරුද්දක්, දෙකක්, අවුරුදු පහක් ගැන හිතන්න පුළුවන්. එහෙන් අපි අනාගතය ගැන හිතන්න ඕනේ. අනාගතයේ මොකද වෙන්නේ? ආයෝජනය සඳහා පොඩි ඉඩමක් දීම වෙනත් දෙයක්,
හෝටලයක් හෝ වාණිජ දේපළක් සංවර්ධනය කිරිමට ප්‍රශ්නයක් නොවෙයි. උපායමාර්ගික ලෙස වැදගත්. ආර්ථික ලෙස වැදගත් වරායක් ලෙස ලබාදීම පිළිගන්න බැහැ. අපි ඒ ගැන තැන සකච්ඡා කරන්න අවශ්‍යයි. මෙහෙයුම් කටයුතු සඳහා පර්යන්තයක් ලබා දීම  වෙනස් දෙයක්. හෝටලයක් ඉදිකරන්න යම් තැනක් දීම වෙනස් දෙයක්. එහෙත් වැදගත් තැනක පාලනය ලබාදීම පිළිඟන්න බැහැ. එය තමයි මගේ මතය. ඒ වගේම අපි ඉන්දියාව සමග සමීපව වැඩ කරන්න ඕනෑ. ඒ වගේම අපි චීනය සමඟත් වැඩ කරන්න ඕනෑ.

රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා හැමතැනම තියෙනවා. ඉන්දියාවේ චීනය සමඟ ඉතා සමීපව වැඩ කරනවා. ඉන්දියාවේ ආයෝඡන විනයට යනවා, චීනයේ අපයෝඡන ඉන්දියාවට යනවා. ඒ වගේම අපටත් අයෝජන අවශ්‍යයි. ඒ වීම අපටත් සහාය අවශ්‍ය යි. එහෙත් ඒ වෙනුවෙන් අපි ඕනෑම දෙයක් කරන්න සුදානම් නැහැ. ඒ වගේම හමුදා සහ භූ දේශපලනික තරගයට සමිබන්ධ වෙන්න අපට වුවමනාවක් නැහැ.  ඉන්දියාව, සිංගප්පුරුව. ඡපානය. ඕස්ට්‍රේලියාව ආදී ලෝක බලවතුන්ට මම නව දෙයක් කියන්න කැමැතියි.
ඔබ දන්නවා. ඔවුන් චීන මැදිහත්වීමට බයයි. ඒක තමයි ඇත. චීන මැනිහත්වීම වාණිජ එකක්.

 අපි පුංචි රටක්. අපේ ආර්ථිකය දියුණු කරන්න විදෙස් අයෝජනය අවශ්‍යයි. ඒ නිසා ඉන්දියාවට. ඡපානයට. සිංගප්පූරුවට සහ ඔස්ට්‍රේලියාවට ලංකාවට ඇවිත්
ආයෝජනය කරන්නයි මා ආරාධනා කරනවා. චීනයට විතරක් අයෝඡනය කරන්න ඉඩ දෙන්න එපා යැයි මා කියනවා.

ලංකාවට ඇවිත් ආයෝඡනය කර අපට උදව් කිරීමට ඒ රටවල පෞද්ගලික සමාගම් දිරීගන්වන ලෙස මම ඉල්ලා සිටිනවා, ඒක රටකට විතරක් ඉතුරු කරලා පස්සේ කෙදිරි ගාන්න එපා. .
මා විවෘතව කියනවා. ඒ නිසා අපේ රටට ඇවිත් ආයෝඡනය කරන්න. එය අපට වුවමනයි. අපි පුංචි රටක්, අපි ලොකු අයගේ ප්‍රශ්නවලට සම්බන්ධ වෙන්න  ඕනෑ නැහැ. එය තේරුම් ගන්න. අපට පීඩනය එල්ල නොකර අප මැරුම් අරගෙන මේ රටේ ආර්ථික සංවර්ධනය හා සම්බන්ධ වෙන්නෙ.

බොහෝ ක්‍රම තිබෙනවා. සල්ලි විතරක් නොවෙයි. අපේ නිෂ්පාදන කත්න අපට යන්නේ, කුරුදු, ගම්මිරිස්, පොල් තිබෙනවා. ඔබ අපේ කෘෂිකර්මාන්තය, අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට උපකාර කරන්න. උසස් කෘක්ෂණික සමාගම්වල ආයෝජනය කරන්න. බොහෝ අවස්ථා තිබෙනවා නිලධාරීවාදය කැපිය යුතුයි. රටේ උන්නතිය උදෙසා පැරැණි නීති රෙගුලාසි ඉවත් කරන්න මට ඕනැ. මම ආයෝජනවල හිතකර පරිසරයක් නිර්මාණය කරනවා,” යැයි ද ඔහු සිය සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත.