ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය රාජකාරි කටයුතු සඳහා පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරයා
දැනට පදිංචිව සිටින නුගේගොඩ, මිරිහානේ පිහිටි නිවසේ අග්‍රාමාත්‍යවරයා කොළඹ, 07 විජේරාම මාවතේ පිහිටි නිවසේ දිගටම පදිංචිව සිටීමට තීරණය කර ඇති අතර ඒ දෙදෙනා ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ පදිංචියට නොයනු ඇතැයි වාර්තාවේ.

අරලියගහ මන්දිරයේ සර්වරාත්‍රික පිරිත් දේශනයක් පෙරේදා (27) රාත්‍රියේ පැවැති අතර ඊයේ දහවල් දානමය පින්කමක්ද පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජප්පක්‍ෂ මහතා ලබන සතියේදී එහි රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

නාලක සංජීව දහනායක