දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ උතුරු පළාත් හිටපු
මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් ‘දෙමළ ජනතා එකමුතුව‘ මෙවර මහ

මැතිවරණයට ඉදිරිපත් වන්නට යන බවත්
එය වැළැක්විය යුතු බවත්ය.

“විකල්ප දෙමළ දේශපාලන පක්ෂ බිහිවීම වැළැක්විය යුතුයි. මේ අවස්ථාවේ එය අවශ්‍ය ක්‍රියාවක්
නොවෙයි. තම තමන්ගේ බලය පෙන්වීමේ අවස්ථාව මෙය නොවෙයි. එවැනි ක්‍රියාමාර්ග ගෙන ඉදිරි
මැතිවරණයේදී ජනතාව දෙගිඩියාවට පත් නොකරන්නැයි අපි එම කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා”යි සුමන්තිරන්
මහතා කීය.

“අප කිසිවකුට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වන්නැයි ප්‍රකාශ කළේ නැහැ. එමෙන්ම මේ අවස්ථාවේ
සියලුදෙනාම දෙමළ ජාතික සන්ධානයට එක්වන්නැයි මම ඉල්ලා සිටිනවා” යැයිද සුමන්තිරන් මන්ත්‍රිවරයා
වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ලක්ෂ්මි ජයකොඩි