ශ්‍රී ලංකාවේ ස්විසර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස්
රඳවාගෙන
ප්‍රශ්න කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී නැතත් එම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරික්‍ෂණ පවත්වන ලෙස තමා අදාළ අංශවලට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) පැවැසීය. සිද්ධියට අදාළ ප්‍රදේශවල සී.සී.ටී.වී කැමරා දර්ශන ලබාගෙන කඩිනමින් පරික්‍ෂණ කටයුතු සිදුකරන ලෙසට උපදෙස් දුන් බවද අගමැතිවරයා කීය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි  නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. 
-නාලක සංජීව දහානායක-