ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉන්දීය රජයෙන් ඉහළ පිළිගැනීමක් ලබාදී තිබෙනවා.

ඒ අනුව අද
පෙරවරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරියේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හමුදා උත්තමාචාරයක්ද පිරිනැමුවා.

පසුව ඉන්දීය ජනපති රාම්නාත් ගොවින්ද් මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඔහුව පිළිගනු ලැබු අතර Twitter ගිණුම හරහා සටහනක්ද තබා තිබුණා.

    ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වශයෙන් සිදු කරන ප්‍රථම විදෙස් සංචාරයේදී @GotabayaR පිළිගැනීමට ලැබීම සතුටක්. එතුමාගේ සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයේ සංකේතයක් වන අතර එය අපගේ බැඳීම් ශක්තිමත් කිරීමට හා අප සහයෝගීතාවය බලගැන්වීමට උපකාරී වනු ඇත. pic.twitter.com/pB4KtVwaqC

    — Narendra Modi (@narendramodi) November 29, 2019