https://www.gossiplankanews.com/2019/11/sri-lankandeaths-madagaskar.html#more
මැඩගස්කර්හි ටොඅමිසීනා පළාතේ මොරමනිහා දිස්ත්‍රික්කයේ ගංගාවකට පෙරළීමෙන් අතුරුදන්වූ තිබු මෝටර් රථයක් පෙරේදා (02දා) ගොඩගනු ලැබූ අතර එහි ගමන් කළ ශ්‍රී ලාංකිකයන්ගේ සිරුරු තුනක් හමුවී තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ
පසුගියදා (01දා) දහවල් ඇන්ටනනාරීයෝ නගරයේ සිට මොරමන්ගා දක්වා ගමන් ගන්නා ආර්.එන්.ප්‍රධාන මාර්ගයේ මාරමන්නා නගරයට වහපාරික කටයුතු සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ගමන් කළ මෝටර් රථයකි.මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ, කෑගල්ල, කන්නකොට පදිංචි මොහොමඩ් ෆෝර් (අවු.57),

කළුතර ජවුෆර් සිද්ධික් අමීර් හත්සා, සහ වැලිගම ඊ මලානා යන තිදෙනායි. කන්නතොට පදිංචි මොහොමඩි මිෆර් (57) හිටපු අමාත්‍යවරයෙක් වු යූ.එම්.එල්. ෆාරුක් මහතාගේ බෑනාය. ඔහු තිදරු පියෙකි. ඇන්ටනනායා සිට මොරමණ්හා නගරය අතර දුර කිලෝමීටර් 117කි.අනතුර සිදුව ඇත්තේ ඇන්ටනනාරියෝ නගරයේ සිට කිලෝමීටර් 90ක් දුරින් වන ඇන්කරෙගෝ නමින් හඳුන්වන තරමක් කඳු සහිත ප්‍රදේශයකදීය. ඔවුන් වසර දහයක් පහළොවක සිට මැඩගස්කල්හි මැණික් වහාපාරීක කටයුතුවල නිරතව සිට වරින් වර ලංකාවට යන එන බවත් ඔහුගේ වැඩිමහල් පුතාද මැඩගස්කරයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වෙයි.
මම සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ නිහාල් ෆාරුක් මහතාගේ සොයුරියගේ සැමියා වදා සිද්ධියෙන් මියගිය. මොහොමඩ් මිස්ටර් මහතාය. ගොඩගනු ලැබූ සිරුරු තුන පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (02දා මැඩගස්කහිදී සිදුකෙරුණි,

අජිත්ලාල් ශාන්තඋදය